හලාවත - මාදම්පේ - ගල්මුරුව ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගිය මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැඬ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද දහවල් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම පිරිස මුදා ගැනීමේ මෙහෙයුමකට එක්ව ඇති බවයි.
සැඩ පහරට හසු වූ පොලිස් නිලධාරීයා සොයා මේ වනවිට නාවික හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.