මරණය පිළිබඳ අත්දැකීම ලබාගත හැකි ආකාරයට සකස් කර ඇති අපූරු අවන්හලක් පිළිබඳ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා.
මෙම අවන්හල පිහිටා ඇත්තේ තායිලන්තයේ බැංකොක් නුවරයි.
වෘත්තියෙන් සහකාර මහාචාර්යවරයෙකු වන Veeranut Rojanaprapa විසින් මෙම අවන්හල නිර්මාණය කර තිබෙනවා.
ඒ බැංකොක්හි Saint John's විශ්වවිද්‍යාලයේ ඔහු දර්ශනය සහ ආගම පිළිබඳව හදාරණ ආචාර්ය උපාධියේ පර්යේෂණ නිබන්ධනය සඳහායි.
මරණයේ අත්දැකීම ලබා ගැනීම සඳහා අවශ්‍ය දේවල් මෙම අවන්හල තුළ දක්නට ලැබෙනවා.
ඒ අනුව පාරිභෝගිකයින්ට සැතපී අත්දැකීමක් ලබා ගැනීම සඳහා මිනී පෙට්ටියක් අවන්හල ඉදිරිපිට තබා තිබෙනවා.
එමෙන්ම ඇටසැකිලි යනාදියත් අවන්හල තුළ දැකිය හැකියි.
මෙහි දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ මරණය පිළිබඳ බුද්ධ දර්ශනය අනුව අවබෝධයක් ලබා ගැනීමට මෙම අවන්හල තුළ ඉඩ සලසා තිබීමයි.