රාගල සමගිපුර ප්‍රදේශයේදී පාසල අවසන්වී නිවස වෙත යමින් සිටි දැරියක් සැඩ පහරකට හසුවී ගසාගෙන යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (24) සවස 2.30 ට පමණ මාර්ගයක් හරහා වැටී ඇති ඇළ මාර්ගයක සැඩ පහරකට දැරිය හසුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි දැරියක්.
ඇය කනිකාවත්ත දමිළ විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබමින් සිටි බව සඳහන්.
දැරිය පාසල අවසන් වී සම වයසේ ළමුන් 5 දෙනෙකු සමග නිවසට යමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර රාගල පොලිසිය විමර්ශන මෙහෙයවනවා.