Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
31
ආහාර ගැනීමෙන් පසු අප සිදුකරන වැරදි ක්‍රියාවන් හා ඒවාට පහසු පිළියම්

- ආහාර ගැනීමෙන් පසු අප සිදුකරන වැරදි ක්‍රියාවන් හා ඒවාට පහසු පිළියම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ගෙදර ඉද්දි විතරක් නෙවෙයි, හෝටලෙකට ගියත්, පාර්ටි එකකට ගියත්, අපේ සමහර අය සීමාවක් නැතිව කෑම ගන්නවා. ඒ නිසාම ගොඩක් අයට ලෙඩ රෝග හැදෙන්නේ එයාලටත් නොදැනුවත්වමයි. අන්න ඒ විදියට ආහාර ගත්ත අය තව නරක වැඩක් කරනවා. ඒ තමයි ආහාර ගැනීමෙන් පස්සේ සිදුකරන විවිධ ක්‍රියාවන්. ඒ දේවල් හොඳයි කියලා හිතාගෙන කලත් ඇත්තටම ඒ දේවල් නිසා අපේ ශරීරය රෝගී වෙනවා. හිතාගන්න බැරි ලෙඩරෝග හැදෙනවා. මේ විදියට ආහාර ගැනීමෙන් පස්සේ අපි සිදුකරන වැරදි ක්‍රියාවන් හා ඒවාට පිළියම් කීපයක් මේ වන විට අන්තර්ජාලයේ HEALTH DIGEZT නම්වන ප්‍රසිද්ධ වෙබ්අඩවියක සඳහන් වෙනවා. ඒවායින් කීපයක් තමයි මේ..


1. දුම් පානයෙන් වළකින්න.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා ආහාර ගැනීමෙන් පසු 1 දුමිවැටියක් පානය කිරීම දුමිවැටි 10ක් පානය කිරීමට සමානකල හැකිබව. (පිළිකා ඇතිවීමට ඇති සම්භාවිතාව ඉතා ඉහලයි.

2. ආහාරගත් සැණින්ම පළතූරු අනුභව කිරීමෙන් වළකින්න.
ඔබ ආහාරගත් සැණින් පළතූරු අනුභව කළහොත් පළතුරු ආහාර දව්‍ය සමඟ බඩවැල් තූළ සිරවී නියමිත පරිදි ආමාශය කරා ප්‍රවාහනය වළකිනවා. එමනිසා ආහාර ගැනීමෙන් පැයකට පමණ පසු හෝ ආහාර ගැනීමට පැයකට පමණ පෙර පළතූරු අනුභව කිරීම සුදසු බව හා උදෑසන හිස් බඩට පළතූරු ආහාරයට ගැනීම වඩාත් සුදසු බවට නිර්දේශකර තිබෙනවා. උදෑසනට පළතූරු වල අඩංගූ පෝෂක හොඳින් භාවිතා කරමින් දවස ඇරඹීමට අවශ්‍ය ශක්තිය ශරීරයට ලබාදෙනවා.

3. තේ පානය කිරීමෙන් වළකින්න.
තේ කොළවල අධික අම්ල සංයුතියක් අඩංගූ වෙනවා. මේ අම්ල මගින් ආහාරයේ ඇති ශරීරයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් විනාශ කරනවා. ඒ වගේම ආහාර ජීරණයද අපහසු කරනවා. එබැවින් ආහාර ගෙන පැයකට පමණ පසු තේ පානය කිරීම වඩාත් සුදසු වෙනවා.

4. ඔබගේ බෙල්ට් එක බුරුල් කිරීමෙන් වළකින්න.
අපි සාමාන්‍යයෙන් පුරුද්දක් විදියට හොඳ රස ආහාර ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගෙන බෙල්ට් එක බුරුල් කරගෙන ඉන්න පුරුදුවෙලා ඉන්නවා. එය ඔබට පහසුවක් ගෙන දෙනවා. ඇත්තටම මෙය හොඳ පුරුද්දක් නෙමෙයි. ඒ බඩවැල් අවහිරවන නිසාත් ඇඹරෙන නිසාත් නොවේ. නමුත් බෙල්ට් එක බුරුල් කිරීමෙන් ලැබෙන පහසුව නිසා ඔබ තව තවත් ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමට යොමුවෙනවා. අධිකව ආහාර ගැනීම ශරීර සෞබ්‍යයට නසුදසුයි. එබැවින් බෙල්ට් එක බුරුල් කිරීමට සිදු නොවන තරමට ප්‍රමාණවත් ආහාරයක් ලබාගන්න.

5. ස්නානය කිරීමෙන් වළකින්න.
ආහාරගත් විගස ස්නානය කිරීමෙන් අත් කකූල් හා ශරීරයේ රුධිරය ගලායාම වැඩිකරනවා. එබැවින් ආමාශය අවට රුධිර ප්‍රමාණය අඩුවෙනවා. මෙය ආහාර ජීර්ණ ක්‍රියාවලිය දුර්වල කිරීමට හේතූවෙනවා.

6. ඇවිදීමෙන් වළකින්න.
ආහාරගත් විගස ඇවිදීම සුදසු ක්‍රියාවක් නෙමෙයි. එයින් ආහාර අජීර්ණ තත්වයක් ඇතිවෙන්න පුලුවන්. ආහාර ගෙන පැය බාගෙකට පසු ඇවිදීම වඩාත් සුදසුයි. දකූණු කැරොලිනාවේ ව්‍යයාම විද්‍යා පර්යේෂකවරුන් සොයාගෙන තිබෙනවා ව්‍යයාම කිරීමෙන් පසු ඇවිදීම ශක්තිය දහනය කිරීමට ඇති හොඳම මඟක් බව.

7. නිදාගැනීමෙන් වළකින්න.
ආහාරගත් විගස නිදාගැනීම ආහාර නිසියාකාරව ජීර්ණය වීමට බාධා ඇතිකරනවා. එමගින් ගෑස්ටි‍්‍රක් හා බඩවැල් ආශ්‍රිත ආසාදන ඇතිවීමට හේතූවෙනවා.

සැකසුම :- මල්ෂානි

    

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top