මන්නාරමේ රජයේ කාර්යාලයක නිලධාරිනියක් රාජකාරිය අවසන් වී යතුරු පැදියකින් නිවෙස බලා යමින් සිටියදී ලංගම බස් රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ ඊයේ (22) සවස සිදුවූ මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ඇය මන්නාරම රෝහලට ඇතුළත් කළ බවයි.
අනතුරෙන් එම නිලධාරිනියගේ අත් හා පාද සියල්ලම බිදී ගොස් ඇති බව මන්නාරම් රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා.
ලංගම බස් රථයේ රියදුරුව අත්අඩංගුවට ගෙන ඇති අතර මන්නාරම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ සිදුකරනවා.