කොළඹ-කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු දුම්රියක් කොට්ටාව-මාලපල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය පීලිපැනීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ හේතුව නිසා කැලණිවැලි මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය මේ වන විට නුගේගොඩ දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය බවයි දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසන්නේ.