සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අද (22) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී.
මීට පෙර සියයට 6.5 ක බස් ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණද බස් හිමියන් එයට විරෝධය පළකළා.
සියයට 12.5 කින් බස් ගාස්තු වැඩිකිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරුණේ ඒ අනුවයි.