හැරී කුමරු හා මේගන් විවාහයෙන් පසුව මධුසමය ගත කරන්නේ කොහෙද කියලා බොහෝ දෙනෙක් හිතනවා ඇති. නමුත් හැරීගේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු නිසා ඔවුන්ගේ මධුසමය කල් ගියා. කොහොම නමුත් පසුගිය කාලයේ පැවති කාර්ය බහුල ජිවිතේ නිසා හැරිටත් මේගන්ටත් එක් දින නිවාඩුවක් ලැබී තිබෙනවා. ඒ නිවාඩුව ගත කරන්න මේ යුවළ තෝරාගෙන තියෙන්නේ අයර්ලන්තය. මධුසමය ගත කරන්නත් අයර්ලන්තයේ Dublin කියන නුවරට ලබන සතියේ යන්න සුදානම් කියලා විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. ඒ වගේම මේ වසරේ ඔක්තෝම්බර් මාසේ මේ යුවළ ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීම නියමිත බවත් සදහන්.