වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය...
එවරස්ට් කන්ද තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් සාර්ථක ලෙස එවරස්ට් කන්ද තරණය කිරීමට ජොහාන් පීරිස් සමත්වූවා.
මීට වසර දෙකකට පමණ ඉහතදී සම්පූර්ණ කරගත නොහැකි වූ එවරස්ට් කඳු තරණය සම්පූර්ණ කිරීමේ අරමුණින් ජොහාන් පීරිස් සිය ගමන ආරම්භ කළා.
ජයන්ති කුරුඋතුම්පල 2016 වසරේ අප්‍රේල් මාසයේදී එවරස්ට් කඳු මුදුන පෙනෙන තෙක්මානය දක්වා ගමන්කළ ජොහාන්ට මීටර් 448 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවූවා.
ඒ කඳු මුදුනට ලගාවීමට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොමැති වීම හේතුවෙන්.
අන්තර් ජාතික කඳුනැගීමේ මගපෙන්වන්නන් විසින් නායකත්වය සපයනු ලබන කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ජොහාන් මෙවර එවරස්ට් තරණයට එක්වූවා.