Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
31
Update : කොස්ලන්දේ අතුරුදන් වූවන් සොයා හමුදා සෙබලුන් 700ක් හා විශේෂ සුනඛ කණ්ඩායමක් | කොස්ලන්ද ඛේදවාචකය

- Update : කොස්ලන්දේ අතුරුදන් වූවන් සොයා හමුදා සෙබලුන් 700ක් හා විශේෂ සුනඛ කණ්ඩායමක් | කොස්ලන්ද ඛේදවාචකයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

63 Views
හල්දුම්මුල්ල - කොස්ලන්ද - මීරියබැද්ද ගම්මානයේ නායයාමට හසුවීමෙන් පස්වලට යටවූ පුද්ගලයින් සොයා අද දිනයේද මෙහෙයුම් සිදුකරන බව මධ්‍යම පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා ප්‍රකාශ කළා. ඊයේ දිනයේ සිදුකළ මෙහෙයුම්වලින් කිසිදු පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු නොවූ බවයි ඔහු කියා සිටියේ.

මෙහෙයුම් සඳහා යුද හමුදා සෙබලූන් 700 කට ආසන්න සංඛ්‍යාවක් එක්කර තිබෙනවා. ඊට අමතරව, ගුවන් හමුදා භටයින් 52 දෙනෙකු ද මෙහෙයුම් කටයුතු සඳහා එක් කර තිබූ බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද නුවරඑළිය සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ තවදුරටත් ස්ථානගත කර ඇත්තේ අවශ්‍ය වුවහොත් මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනීමටයි.

පෙරේදා සිදුවූ මෙම නායයාම හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැන් ප්‍රකාශ කරනවා. මෙතෙක් හමුවී ඇත්තේ මළසිරුරු 3 ක් පමණයි. නායයාමෙන් එහි තිබූ නිවාස 66 ක් ද සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

නමුත්, අප කළ විමසීමකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක සඳහන් කළේ සිද්ධියෙන් අතුරුදන්වූ පුද්ගලයින් සංඛ්‍යාව තවමත් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි. නායයාම් සිදුවන අවස්ථාවේදී කුඩා දරුවන් පාසල් ගොස් තිබීමත් ඇතමුන් රැකියා සඳහා පිටත්ව ගොස් තිබීම ද ඊට හේතුවී ඇති බව ඔහු සඳහන් කළා.

අද දිනයේ සිදුකරන මෙහෙයුම් පිළිබඳව අපට අදහස් දැක්වු මධ්‍යම පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා කියා සිටියේ මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුව ලද සුනඛ කණ්ඩායමක්ද අද දිනයේ එක් කරන බවයි.

මීරියබැද්ද ගම්මානයේ සිදුවු නායයෑමෙන් අවතැන් වූ සහ අවදානම් තත්ත්වය හේතුවෙන් නිවාසවලිින් ඉවත් කළ පවුල් 263 කට අයත් පුද්ගලයින් 872 කට ආසන්න පිරිසක් ඊයේ පස්වරුව වනවිට කඳවුරු 02 ක රඳවා තිබුණා. ඒ, කොස්ලන්ද ශ්‍රී ගනේෂ් විද්‍යාලයේ සහ පූනාගල දෙමළ විද්‍යාලයේ පිහිටුවා ඇති තාවකාලික කඳවුරුවලයි. කෙසේ වෙතත්, තවදුරටත් නායයෑම් ඇතිවිය හැකි බවට වන සැකය මත වෙනත් ප්‍රදේශවල ජනතාවද කඳවුරු වෙත අඛණ්ඩව පැමිණෙමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඒ.එල්. උදයකුමාර අපට කියා සිටියේ.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කළේ මෙම සිද්ධියෙන් අනාරක්ෂිත බවට පත්ව ඇති දරුවන් සිටී නම් 1929 ළමා දුරකතන සේවය ඔස්සේ ජාතික ළමාරක්ෂක අධිකාරියට තොරතුරු ලබාදෙන ලෙසයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top