සංචාරක කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිල වෙබ් අඩවිය හැකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා.
මෙය සිදුකර ඇත්තේ දෙමළ ඊළාම් සයිබර් බලකාය නමින් හැඳින්වෙන කණ්ඩායමක් විසින්.
සිව්වන ඊළාම් යුද්ධයේදී වෙල්ලමුල්ලි වයික්කාල් හි දෙමළ ජනතාව, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් සමූල ඝාතනයක් කළ බව මෙම හැකරුවන් එම වෙබ් අඩවිවල නිවේදනය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අප සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ මේ පිළිබඳ දැනුවත් වූ සැනින් එය නිවැරදි කිරීමට පියවර ගත් බවයි.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් එළඹෙන සඳුදා දින සිදුකිරීමට නියමිත බවද ඔහු සඳහන් කළා.
මේ අතර මඩකලපුව නගරසභා නිල වෙබ් අඩවියද මෙම හැකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව වෙබ් අඩවි මගින් වාර්තා කර තිබුණා.