Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
වැඩි වූ ඉන්ධන මිලට එරෙහිව ධීවරයින් පන්දම අතට ගනී - Video

- වැඩි වූ ඉන්ධන මිලට එරෙහිව ධීවරයින් පන්දම අතට ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,079 Views
"දුවන වාහනයක් දවසම දිව්වත් තෙල් ලීටර් 30යි,40යි"
"හිතන් ඇති ද දන්නේ නැහැ මේ ටොෆිය කටේ තියන් ලෝ ලෝ ඉඳී කියලා"

පෙර පැවති මිලටම ධිවරයින්ට සහ ගොවීන්ට ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා ව්‍යාපාර සංවිධාන කර තිබුණා.

ඔවුන් පවසන්නේ සිය ඉල්ලීම් කඩිනමින් ඉටු නොකළහොත් අඛණ්ඩ වැඩ වර්ජන සඳහා යොමු වන බවයි.

ඉන්ධන මිල අඩු කරන්නැයි බලකරමින් පන්දම් දල්වාගෙන ගාල්ල නගර මධ්‍යයේ ඊයේ රාත්‍රියේ ධීවරයින් පිරිසක් මෙලෙස විරෝධතාවක නිරත වුණා.

එහිදී ඔවුන් රජයට බලකර සිටියේ කූපන් ක්‍රම වෙනුවට ධීවරයින්ට පැරණි මිලටම ඉන්ධන ලබාදීමට රජය පියවර ගතයුතු බවයි.

ධීවරයින්

"පළමුවෙන්ම මම රටේ ඉන්න නායකයෝ දෙපලට කියන්නේ වැඩියෙන්ම තෙල් වැය කරන්නේ ධීවරයින් කියන එක ඒ අය දැනගන්න ඕනේ.පාරේ දුවන වාහනයක් දවසම දිව්වත් තෙල් ලීටර් 30යි,40යි.නමුත් ධීවර යාත්‍රාවක් මුහුදු ගියාට පස්සේ තෙල් කොච්චර යනවාද කින්ද මන්ද දන්නේ නැතුව අපි මාළු සොයාගෙන ගිහිං මාළු අල්ලන්නේ.

මම කියන්නේ ගරු අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් මේ වැඩි කරපු තෙල්මිල අඩු කරනතෙක් අපි සටන් කරනවා කියලා වහාම ඒකට ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරියට දැවැන්ත උද්ඝෝෂණවල යෙදෙනවා".

මේ අතර ඉන්ධන මිල පහත දමන ලෙස රජයට බලකරමින් කොළඹ කතරගම මාර්ගය කුඩාවැල්ල හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ධීවරයින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.

මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය විසින්.

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ දැක්වූ අදහස් පහතින්

"රට වටේම ධීවර ප්‍රජාව මුහුදු රස්සාවට යන්නේ නැහැ.ඇයි යන්න බැරි හේතුව අසාමාන්‍ය ලෙස තෙල් මිල ඉහළ දැමීම දැන් වෙනදා රුපියල් 10000ක භූමිතෙල් ප්‍රමාණයක් යාත්‍රාවට ගත්තොත් දැන් 23000ක අමතර වියදමක් දරන්න වෙනවා..ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් වගකිවයුතු ඇමතිවරුන්ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙනවා.පාලකයෝ කූපන් එකක් දෙනවා කූපන් එකේ ටොෆිය කාලා හිතන් ඇති ද දන්නේ නැහැ මේ ටොෆිය කටේ තියන් ලෝ ලෝ ඉඳී කියලා.නැහැ..ඒ නිසා යහපාලන ආණ්ඩුවට කියන්නේ ඇණගන්න එපා".

අනතුරුව තංගල්ල පොලීස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ජනතාවට බාධා වන අයුරින් විරෝධතාව නොකරන ලෙසට දන්වා තිබූ අධිකරණ නියෝගයක් ඔවුන්ට ලබා දුන්නා.

කෙසේ වෙතත් පැය භාගයකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූ ඔවුන් පසුව විසිර ගියා.

මේ අතර කටුවන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් වැඩිවුණ ඉන්ධන මිලට විරෝධය පළකරමින් අද දින සභාවාරයට පැමිණියේ කරත්ත වලින්.

මේ අතර පසුගියදා රජය විසින් ඉහළ දමන ලද භූමිතෙල් මිල පහත දමන ලෙස බලකරමින් විරෝධතා ව්‍යාපාර දියත් කරන බව දිගම්පතහ දේශීය ලොකුලූණු බීජ නිෂ්පාදකයින්ගේ සංගමය අනතුරු අඟවනවා.

මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අදහස් පළ කළා.

"අද අස්වැන්න විකුණාගන්න බැරි ගොවියාට මේ කෙරුවේ ඇත්තටම ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්.අපි මේ වෙනකොට තීන්දුවකට ඇවිත් තිබෙනවා ගොවියාට මේ සහනාධාර ලබා ගැනීම වෙනුවෙන් අපි අරගල කරන්න. තව දින කිහිපයක් ඇතුළත අපි පාරට බහිනවා.ආණ්ඩුවෙන් මේක මගහැරලා යන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේදී මතක් කරනව".

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ද ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළකළා.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,193 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,465 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,131 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,814 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,563 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,381 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,597 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top