Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
තැන්පත්කරුවන්ට අදත් ලොකු පොල්ලක්, ETI සල්ලි දමා අසරණ වූ අහිංසකයන් පොලවේ හැපෙමින් කඳුළු සලයි - Video

- තැන්පත්කරුවන්ට අදත් ලොකු පොල්ලක්, ETI සල්ලි දමා අසරණ වූ අහිංසකයන් පොලවේ හැපෙමින් කඳුළු සලයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,806 Views
මුදල් ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයකට යොමුවන බව කියයි...
"මිනිස්සුන්ගේ ශාපය දැන් වැදිලා ඉවරයි ආත්මයක් ආත්මයක් පාසා ඒක පස්සෙන් පන්නගෙන එනවා"

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණුකරුවන් අදත් එම ආයතනයට පැමිණ තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධය පල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී ආයතන බලධාරීන් හට තැන්පත්කරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔවුන් සඳහන් කළේ මීළඟ දිනයේදී මුදල් නොලැබුණහොත් මාරාන්තික උපවාසයකට යොමුවන බවයි.

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අයත් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් හෙවත් ETI ආයතනය සිය තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම පැහැර හැරීම පිළිබඳව මීට පෙර අවස්ථා රැසකදී වාර්තා වුණා.

ආයතනයේ රුපියල් බිලියන ගණනක මුදල් තැන්පත් කළ ගනුදෙනුකරුවන් ඒ සෑම අවස්ථාවකදීම කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ මූලස්ථානයට ඉදිරිපිටට පැමිණ තම තැන්පතු මුදල් ඉල්ලා ආයතන බලධාරීන්ට විරෝධය පළකළා.

කෙසේ වෙතත් එම සෑම අවස්ථාවකදීම ගනුදෙනුකරුවන් මග හැර සිටීමට ETI මූල්‍ය අයතනයේ බලධාරීන් පියවර ගත්තා.

ගනුදෙනුකරුවන්ගේ මුදල් නැවත ලබාදෙන බවට ඔවුන් විවිධ දින වකවානු ප්‍රකාශයට පත්කලද ඒ කිසිදු දිනයක අදාළ මුදල් ලබාදීමට කටයුතු කළේ නැහැ.

තැන්පත්කරුවන් පිහිටුවූ සංගමය පෙන්වා දෙන්නේ, මෙලෙස මුදල් නොලැබුණු පුද්ගලයින් රෝගී තත්ත්වයට පත්වූ අවස්ථා ගණනාවක්ද ඇති බවයි.

මේ අතර අද දිනයේදදිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තැන්පත්කරුවන් කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ETI මූලස්ථානයටපැමිණියේ ආයතනය පොරොන්දු වූ පරිදි සිය තැන්පතු මුදල්වලින් සියයට 20 ක් ලබාගැනීම සඳහායි.

කෙසේ වෙතත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස පෙනී සිටින පුද්ගලයෙකු තැන්පත්කරුවන්ට දැනුම් දුන්නේ ඉදිරි දිනකදී තැන්පතු මුදල්වලින් සියයට 10 ක් පමණක් ලබාදෙන බවයි.

කෙසේ වෙතත් සිය තැන්පතු මුදල්වලින් සියයට 10 ක් පමණක් ලබාගැනීමට තැන්පත්කරුවන් එකඟ වූයේ නැහැ.  

විරෝධය මධ්‍යයේ අදාළ බලධාරියා සූක්ෂමව එම ස්ථානයෙන් පිටව ගියේ මෙලෙසින්.

අනතුරුව තැන්පත්කරුවන් ETI ආයතනය ඉදිරිපිටින් වෝඩ් පෙදෙස හරස් කළා.

කෙසේ වෙතත් පොලිසියේ මැදිහත්වීමෙන් තැන්පත්කරුවන් මාර්ගයෙන් ඉවත් වුණා.

ඔවුන් විසිර ගියේ  මීළඟ දිනයේදී සිය මුදල් ලබා නොදුනහොත් මාරාන්තික උපවාසයකට යොමුවන බවට ඇතිකරගත් එකඟතාවයකට පසුවයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Iri Thala Giya Premaya - Pradeep Nishantha Herath
Iri Thala Giya Premaya
Pradeep Nishantha Herath
⤵  501 Downloads

Manike Man Enawa - Haritha Bhagya
Manike Man Enawa
Haritha Bhagya
⤵  1,579 Downloads

Therunewath Na Ridum - Janaka Rathnayaka
Therunewath Na Ridum
Janaka Rathnayaka
⤵  3,193 Downloads

Kalpa Gananak - Dammika Priyantha Hettiarachchi
Kalpa Gananak
Dammika Priyantha Hettiarachchi
⤵  2,465 Downloads

Yannama Giye Aye - Lakshitha Ekanayake
Yannama Giye Aye
Lakshitha Ekanayake
⤵  6,131 Downloads

Amma - Dilhan Wijesinghe
Amma
Dilhan Wijesinghe
⤵  3,814 Downloads

Purudu Thanikama - Errol Jayawardena
Purudu Thanikama
Errol Jayawardena
⤵  5,563 Downloads

Ithihasagatha Premayak - Eshan Udesha
Ithihasagatha Premayak
Eshan Udesha
⤵  7,381 Downloads

Kanyawi - Sureni De Mel
Kanyawi
Sureni De Mel
⤵  5,597 Downloads

Hitha Mage Hadaganna - Rasika Rajapaksha
Hitha Mage Hadaganna
Rasika Rajapaksha
⤵  5,696 Downloads



Top 10 Commenters

Latest Comments

Top