Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
"ලෝකෙට ආදරෙන් ඉන්නේ කියලා පෙන්නාගෙන හිටියට වැඩක් නැහැ පවුල් ජිවිතේ සාර්ථක නැති නම්.." - සංජිවනි වීරසිංහ - Exclusive

- "ලෝකෙට ආදරෙන් ඉන්නේ කියලා පෙන්නාගෙන හිටියට වැඩක් නැහැ පවුල් ජිවිතේ සාර්ථක නැති නම්.." - සංජිවනි වීරසිංහ - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72,450 Views
"ඒකයි 20 වැනි සංවත්සරයට හස්බන්ඩ් පෙන්න නැත්තේ.."

"මට ආදරේ ප්‍රකාශ කරනකල් හැමදාම බලාගෙන හිටියා.."

"මම කෙල්ලෙක්නේ මම කොහොමද ආදරෙයිද අහන්නේ..."

ගායනයට, රංගනයට, නිවේදනයට එකසේ දක්ෂතා පෙන්වන්න හැම කෙනෙකුටම බැහැ. නමුත් ඒ හැම මාධ්‍යකින්ම එකසේ ජනප්‍රිය සංජිවනි වීරසිංහ නිරන්තරයෙන්ම දක්ෂතා නිසා සමාජයේ කැපී පෙනුණා. දැක්කත් නොදැක්කත් නම ඇසූ ගමන් මේ අහවලා කියලා හදුනා ගන්න සංජිවනි පසුගියදා 20 වැනි සංවත්සරය සැමරුවා. යළිත් මනාලියක් වුණු සංජිවනි ඒ ගැන කිව්වේ මෙහෙමයි.

සංජිවනි වීරසිංහ කියන ගායිකාව ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය මොහොතක තමයි විවාහ දිවියට ආරම්භය ගන්නේ. විවාහ වෙලා වසර විස්සක කාලයක් වෙනවා. විවාහ ජිවිතේ ගැන මොකද හිතෙන්නේ..?
හැමදාමත් මම මගේ විවාහ ජිවිතේ සුන්දරව ලස්සනට ගත කළා. අදටත් එහෙමයි. මේ සාර්ථක පවුල් ජිවිතේ ඇතුළේ මම මුදලට ජනප්‍රියත්වයට විතරක් වැඩ කළේ නැහැ. මම විවාහ වෙලා මාස තුනෙන් මගේ මුල්ම දරුවා පිළිසිද ගත්තේ. මට දුවෙක් පුතෙක් ඉන්නවා. දුවගේ වයස 19යි. පුතාට 17යි. මේ දෙන්නා ඉපදුණාට පස්සේ මම අවුරුදු හතර බැගින් ඒ අයට කාලය වෙන් කළා. කිසිම නිර්මාණ කටයුත්තකට සම්බන්ධ නොවී. දරුවන්ගේ යුතුකම් ඉටු කළා. බිරිදක් විදිහට යුතුකම් ඉටු කළා. ඒ නිසා එදත් අදත් මගේ විවාහ ජිවිතේ සාර්ථකයි.

ඔබ දරුවෝ දෙදෙනා එක්ක යළිත් මනාලියක් වෙලා තිබුණා. නමුත් මනාලයා හිටියේ නැහැ..?
ඔව්. ආයෙමත් නාකි මනමාලියක් වුණා. මගේ ආදරණිය සැමියා සුසන්ත ද මෙල්. ඔහු රක්ෂණ සමාගමක වැඩ කරන්නේ. මිට කලිනුත් මනාලියක් විදිහට අදින්න මට ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් මම කැමති වුණේ නැහැ. මොන විකාර වැඩක්ද කියලා හිතුණේ. නමුත් මේ අවස්ථාවට සම්බන්ධ වුණේ මගේ යාළුවෙක් නිසයි. ඒ රූපලාවන්‍ය ශිල්පිණි නිලක්ෂි හිතාවක නිසා. එයා මට යෝජනා කළා මෙහෙම දෙයක් කරමු කියලා. පුතා ඉන්නේ ඇමරිකාවේ.  නිවාඩුවකට ආවා. දුවත් ඇමරිකාවට යනවා. ඒ නිසා මේක හොද මතක  කිව්වා. ඒ නිසයි කැමැත්තෙන් මනාලියක් වුණේ. මනාලයා කැමති වුණේ නැහැ ආයෙමත් නිලමේ ඇදුම ඇදලා කරදර වෙන්න. එයාගෙන් මම දෙතුන් වතාවක් ඇහුවා. එයා කිව්වේ අනේ දැන් මොන නිලමේ ඇදුම්ද ඔයා නිලියක්නේ ඔයා යන්න කිව්වා. ඉතින් දරුවෝ දෙන්නත් එක්ක මම සම්බන්ධ වුණා. මෙහි ඡායාරූප ශාන්ත මාබදුවානගේ. ඔහුවත් මතක් කරන්න ඕන

ඒ කියන්නේ සැමියා ඔබේ ජනප්‍රියත්වයෙන් බැබලෙන්න උත්සහ දරන කෙනෙක් නෙමෙයි..?
කොහෙත්ම නැහැ. හුගක් නිළියන්ගේ සැමියන් ඉන්නවා ජනප්‍රියත්වයට විවාහ කරගත් අය. බිරිදට වඩා ඒ අය ජනප්‍රිය වෙන්න බිරිද එක්ක පෙනී ඉන්නවා. මාව අදුර ගත්ත කාලේවත් සුසන්ත කොහෙවත් මාත් එක්ක යන්න එන්නේ නැහැ. මගේ පවුලේ අය එක්ක තමයි ෆිල්ම් එකක් වුණත් බලන්න ගියේ. අදටත් කිසිම දෙයකට එයා පෙනී ඉන්න එන්නේ නැහැ. එයා එයාගේ යුතුකම් ඉටුකරලා අපිට ආදරෙන් ඉන්නවා.

ඒ ආදරණිය මිනිසා ඔබට මුණගැහෙන්නේ කොහොමද කියලත් මතක් කරමු..?
එයා මගේ ලොකු අයියාගේ හොදම යාළුවා. එකට ඉගෙන ගත්තේ එකට ක්‍රිකට් සෙල්ලම් කළේ. එයාගේ හැම යාළුවම අපේ ගෙදර එක්කගෙන අවේ නැහැ මමයි අක්කයි ඉන්න නිසා. මගේ අක්කයි අයියලා දෙන්නයි දැන් ඉන්නේ ඇමරිකාවේ. ලොකු අයියා පවුල පිටින් රට යනකොට ඒ වැඩවලට සුසන්ත උදව් කළා. අයියා සුසන්තට තමයි කිව්වේ මාව බලාගන්න කියලා. තාත්තා නැති දවසට මාව ක්ලාස් අරගෙන ගියේ එයා. එතකොට මම සයිකොලජි ඩිග්රියක් කරනවා. තාත්තා ගෙදර ඉන්න දවස්වලටත් මෙයා කතා කරලා අහනවා ක්ලාස් අරගෙන යන්න එන්නද කියලා. එහෙම ආවට ගෙදරින් ක්ලාස් එකට දානවා. ක්ලාස් එකෙන් ගෙදරට දානවා විතරයි. මම ඒ කාලේ ගොඩක් ජනප්‍රියයි. මට ගෙදරින් නිදහසක් නැති නිසා මම සුසන්තට කියනවා බීම එකක් බොන්න නතර කරන්න මාව ෂොපින් අරන් යන්න කියලා. නමුත් කවදාවත් මාත් එක්ක පාරේ බැහැලා එකට යන්න ආවේ නැහැ. ගෙදරින් එන්න කලින් ෂටර්ස් වලට අව් ආවරණ දානවා. මාව පිටට නොපෙනෙන විදිහට.  ඒ විදිහට තමයි මුණගැහෙන්නේ.

ඔහු ඔබට ආදරය ප්‍රකාශ කරලා නැති කාලේ කාලයක් ආශ්‍රය කරද්දී ඔබේ හිතේ ආදරයක් හටගන්නේ නැද්ද..?
සාමාන්‍ය පිරිමි කෙනෙක්ගෙන් නොදකින හොද ගතිගුණ මම එයාගෙන් දැක්කා. ඒ නිසා වෙන්න ඇති එයා මට ආදරේ ප්‍රකාශ කරන්න කලින් මට එයා ගැන ආදරයක් ඇති වුණේ. ඒත් මම බලාගෙන ඉන්නවා මෙයා මගෙන් අද අහයිද හෙට අහයිද ආදරේද කියලා. ඒත් සෑහෙන කාලයක් යනකල් ඇහුවේ නැහැ. ඒ කතාවට එන්න ඔන්න මෙන්න තියෙද්දී එයා වචන වෙනස් කරනවා. දවසක් මගෙන් ඇහුවා ඇයි රත්තරන් ඔච්චර ගණන් කියලා. මම හිතුවේ මට රත්තරන් කියලා. එදත් වෙනස් දෙයක් කිව්වේ. මම අක්කට ගිහින් කියනවා සුසන්ත තවම මොකුත් කියන්නේ නැහැනේ කියලා. මම කෙල්ලෙක්නේ මම කොහොමද ආදරෙයිද අහන්නේ. මාත් පාඩුවේ හිටියා. කාලයක් ගියාට පස්සේ එයා කෙලින්ම ඇහුවා "මාව බදින්න කැමතිද.."  කියලා. මට එදා සතුටු හිතුණා. මම කිව්වා ගෙදරින් අහන්න කියලා. එදා හවසම අපේ ගෙදර ගිහින් අම්මා තාත්තාගෙන් අවසර ඉල්ලුවා. කිසිම අකමැත්තක් නැතුව දුව දෙන්න කැමතියි කිව්වා.

එතකොට අයියා..?
එයාට එදාම කෝල් එකක් ගත්තා. අයියා සුසන්තට කිව්වේ " මම නංගි භාර දුන්නේ එකට මනුස්සයෝ.." කියලා විහිළුවට කිව්වා. ලොකු අයියත් කැමති වුණා. ඊට පස්සේ විවාහ වුණා.

සහෝදරයෝ දෙන්නෙක්ම  හිටිය නිසා පුංචි කාලේ නීති රීති වාරණ මැද්දේ ජිවත් වෙන්න ඇති..?
නීති රීති නම් උපරිමයෙන්ම තිබුණා. අයියලා දෙන්නා මටයි අක්කටයි හරිම ආදරෙයි. ඒ ආදරේ නිසා තමයි අපිට නීති වැටුණෙත්. ගෙදරටවත් කොට ඇදුමක් අදින්න දෙන්නේ නැහැ. කොට කලිසමක් ඇදගෙන හිටියොත් අයියා කකුලට ගහනවා. එයා එනකොට අපි දුවගෙන ගිහින් කලිසමට උඩින් දිග සායක් අදිනවා.

ඔය වාරණ සැමියාගෙන් වැටුණේ නැද්ද..?
අපි ගෙදර පරිසරයෙන් විනීතකම හැදියාව අරගෙන ගිය අය. ඒ නිසා මට නීති රීති දන්නේ නැහැ සුසන්ත. මම දන්නවා එයා අකමැති දේවල්. මම ඒ දේවල් කරන්නේ නැහැ. දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා මම විලාසිතා නොකර ජිවිතේ ඔහේ ගෙවන්නෙත් නැහැ. සුසන්ත එයාගේ වැඩ කරගෙන අපිට උදව් කරගෙන විනෝදෙන් සතුටින් ඉන්නවා. කොහෙද ඉන්නේ මොනාද කරන්නේ කාත් එක්කද ඉන්නේ කියලා අහන සැමියෙක් නෙමෙයි මට ඉන්නේ. ලෝකෙට ආදරෙන් ඉන්නේ කියලා පෙන්නාගෙන හිටියට වැඩක් නැහැ පවුල් ජිවිතේ සාර්ථක නැති නම්. කවදාවත් අපි අතර රණ්ඩුවක් වෙලා නැහැ. ආදරේ වේදනාව නිසා මම අඩලාවත් නැහැ. ඒවා තිබ්බා නම් තවත් සුන්දර වෙයි. මම ආදරෙයි කියලා කටින් කිව්වේ නැති වුණාට එදා වගේම අපි ආදරෙන් තවමත් ඉන්නවා.  

දරුවෝ දෙන්නා විදෙස් ගත වෙන නිසා සංජිවනිත් විදෙස්ගත වෙනවද..?
ඒ දෙන්නා යද්දී මමයි හස්බන්ඩ් යනවා. කොහොමත් අපි නිතරම විදෙස්ගත වෙනවා. දරුවෝ නැතුව අපිට ඉන්න අමාරුයි. නමුත් ලංකාව දාලා යන එකක් නැහැ.

සංජිවනි වගේ දුවයි පුතයි කලාවට දක්ෂ ඇති..?
ඒ දෙන්නටම සින්දු කියන්න පුළුවන්. රට යන්න කලින් මම ඒ දෙන්නා එක්ක ගීතයක් කරනවා. වීඩියෝවක් එක්කම.

හර්ෂණී වීරරත්න








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  38 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,947 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top