විදෙස් ගතවීමට සිටින මගීන් පිටත් වීමට අදාල වේලාවට පැය තුනකට පෙර කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ කටුනායක ගුවන් තොටුපලේ සේවයේ නියුතු ආගමන විගමන නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්.
මේ අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු කවුළු ආරම්භ කිරීමට සූදානම් වනවා.
ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන 5 කට කවුළු විවෘත කිීරීමට අවසරය හිමිවන බවයි වාර්තා වන්නේ.