Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
IPL තරඟාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් මහේලගේ මුම්බායි පිල යලි සුපිරි කණ්ඩායම් අතරට

- IPL තරඟාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් මහේලගේ මුම්බායි පිල යලි සුපිරි කණ්ඩායම් අතරටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,957 Views
තීරණාත්මක තරඟය දිල්ලියට එරෙහිව
මුම්බායි වැටී වැටී නැගිටියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 50 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී පැවැති තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් අත්කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 187 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 183 ක් පමණි. තරගය ජය ගැනීම සඳහා පන්ජාබ් කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට සිදුවූ අතර කඩුල්ලක්ද දවාගනිමින් එම ඕවරය ලකුණු 13 කට සීමා කළ මිචෙල් මැක්ලෙනගන් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන වළක්වාලීය.

වේගවත් පිතිහරඹක නිරත වූ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් පන්දු 60 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග ලකුණු 94 ක් රැස්කළද, සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඔහු අපොහොසත් විය. කෙසේ වුවත් මෙම තරගයේදී ලබාගත් අර්ධ ශතකයත් සමග මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලභියා බවට පත්වීමට රාහුල්ට හැකිවිය. මේ දක්වා තරග 13 කට සහභාගි වී ඇති ඔහු එහිදී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 652 කි.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේදී පන්ජාබ් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් රාහුල්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඒරන් ෆින්ච් (46) සමග එක්ව පන්දු 70 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය. පන්දු 35 කදී වාර්තා වූ ෆින්ච්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කන් සමන්විත විය.

මුම්බායි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වු ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 ක් දවාගත්තේ සිය ඕවර 4 ලකුණු 15 කට සීමා කරමිනි. පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් මිචෙල් මැක්ලෙනගන් ලකුණු 37 කට කඩුලු 2 ක් දවාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දීය කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 186 ක් ලබාගැනීමට සමත් වූ අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ කිරන් පොලාඞ් පන්දු 23 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

කෘනාල් පාණ්ඩ්‍යා හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 32 ක්ද, සූර්යකුමාර් යාදව් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක්ද, ඉෂාන් කිෂන් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 20 ක්ද බැගින් රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මෙවර තරගාවලියේ වැඩි කඩුලු ලාභියා බවට පත්ව සිටින පන්ජාබ් කණ්ඩායමේ ඇන්ඩෘ ටේ, මෙම තරගයේදී ලකුණු 16 කට කඩුලු 4 ක් දවාගනිමින් සිය කඩුලු මල්ල 24 ක් දක්වා ඉහළ දමාගත්තේය. එහෙත් කඩුලු 18 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැදී සිටින මුම්බායි කණ්ඩායමේ හර්දීක් පාණ්ඩ්‍යා මෙම තරගයේදී කඩුලු දවාගැනීමට අසමත් විය.

මේ ජයග්‍රහණයත් සමග මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානයට පත් වූ අතර ඔවුන්ට තවමත් අවසන් වටයට පිවිසීමේ අවස්ථාව ඉතිරිවී ඇති අතර ඒ සඳහා ඔවුන් මුලික වටයේ ඉතිරි වී ඇති තරඟය අනිවාර්යෙන් ජයග්‍රහණය කල යුතු වනවා. එම තරඟය ලබන ඉරිදා දිල්ලි කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. 

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 186
(සූර්යකුමාර් යාදව් 27, ඉෂාන් කිෂන් 20, කෘනාල් පාණ්ඩ්‍යා 32, කිරන් පොලාඞ් 50, ඇන්ඩෘ ටේ 16/4)
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 183
(ලෝකේෂ් රාහුල් 94, ක්‍රිස් ගේල් 18, ඒරන් ෆින්ච් 46, ජස්ප්‍රීට් බුම්රා 15/3, මිචෙල් මැක්ලෙනගන් 37/2)

තරඟයේ විශේෂ අවස්ථා පහතින්,

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  1,499 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  7,983 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  1,443 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,136 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  380 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  3,229 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  9,294 Downloads

Duras Wee Oya - Saman Jayasingha
Duras Wee Oya
Saman Jayasingha
⤵  1,696 Downloads

Eth Wela Innam - Viduranga Jayasekara
Eth Wela Innam
Viduranga Jayasekara
⤵  4,670 Downloads

Maaya - Jo Fonseka
Maaya
Jo Fonseka
⤵  1,447 Downloads



Top 10 Commenters

Latest Comments

Top