Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
17
සමයංගේ මරණයෙන් පසු ඔහුගේ තැන ගන්නට තැත් කල ඩී. මංජුගේ දකුණු අත වූ දිලිප් රෝහණ ඇල්ලූ STF මෙහෙයුම - Photos

- සමයංගේ මරණයෙන් පසු ඔහුගේ තැන ගන්නට තැත් කල ඩී. මංජුගේ දකුණු අත වූ දිලිප් රෝහණ ඇල්ලූ STF මෙහෙයුම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18 Views
STF එද්දී අනියම් පෙමවතිය සමග නුවර නිවසක ඉඳලා..

සමයං කරපු සැහැසිකම් ඒ ලෙසටම කරගෙන ගිහිල්ලා..

මදුෂ්ගේ කල්ලියේ අයත් ඝාතනය කරලා..

උඳුගොඩ පතිරැන්නැහෙලාගේ අරුණ උදයන්ත නොහොත් රණාලේ සමයං බස්නාහිර පළාත ආශ්‍රිතව ක්‍රියාත්මක වූ පාතාල කල්ලි නායකයෙකි. කුඩු ජාවාරම්වල යෙදෙමින් සිය කල්ලිය පවත්වාගෙන ගිය ඔහු ඊට අමතරව කප්පම් ගැනීමේ ද නිරත වූ අතර එය අංගොඩ ලොක්කාට සහ ලඩියා කල්ලිවලට හිතකර වූයේ නැත. ඒ නිසාම මාකඳුරේ මධූෂ්ද සමයං සමඟ වෛර බැඳගෙන සිටියේය.

අංගොඩ ලොක්කා ලඩියා කල්ලි සාමාජිකයින් රැසක් සමයං කල්ලිය විසින් ඝාතනය කරන විට සමයං හා ඔහුගේ ළඟම ගෝලයින් හතර දෙනා සිටියේ රක්ෂිත බන්ධනාගාර ගතවය. මාකඳුරේ මධූෂ් සිය එක් කල්ලියක් වන අංගොඩ ලොක්කා සහ ලඩියා ප්‍රමුඛ කල්ලිය මෙහෙයවා සමයං ඇතුළු ගෝල බාලයින් මරා දමන්නේ පසුගිය වසරේ පෙබරවාරි මස 8 වැනිදා උදෑසන කළුතරදී ඔවුන් කඩුවෙල අධිකරණය වෙත රැගෙන එමින් සිටියදීය. සමයං ඇතුළු පස් දෙනෙකු එම ප්‍රහාරයෙන් මරණයට පත්විය.

සමයංගේ මරණයෙන් පසු ඌරු ජුවා, ආමි අසංක ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙක් එම කල්ලියේ නායකත්වය ගැනීමට කටයුතු කරමින් සිටියහ. ඒ අනුව සමයංට කප්පම් ගෙවූ පුද්ගලයින්ට තර්ජනය කරමින් කප්පම් මුදල් ඒ ආකාරයෙන්ම දෙන ලෙසට තර්ජනය කර තිබුණි. ඩී. මංජු නම් පාතාල ප්‍රබලයා මීට දෙවසරකට පෙර සිර ගත වන්නේ පාතාල නායක මධූෂ්ගේ කුඩු ජාවාරමේ ප්‍රබලයා වන හර්ෂ යසස් නැමති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේය.

කලක් බන්ධනාගාර ගතව සිට පසුව නිදහස් වී පැමිණි ඔහු බස්නාහිර උතුර පොලිස් බල ප්‍රදේශයේ වාසය කළේය. උප නගරාධිපතිවරයෙකු වන ශ්‍යාමිල් සඳරුවන් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවටද ඩී.මංජු සැකපිට අත්අඩංගුවට පත්විය. දිලීප් රෝහණ නැමැත්තාද එම ඝාතනයට සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වී සිටියේය.

පසුව ඔවුන් දෙදෙනාම ඇප මත නිදහස්වන අතර ඔවුන් දෙදෙනා එක්ව හොර රහසේ සමයංගේ කුඩු ජාවාරම කරගෙන ගොස් තිබුණි. ඉකුත් පෙබරවාරි මස 23 වන දා ඩී.මංජු එස්.ටී.එෆ්. සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මරණයට පත්විය.

ඔහුගේ මරණයෙන් අනතුරුව දිලීප් රෝහණ රහසිගතව කුඩු ජාවාරමේ නිරත වන බවට එස්.ටී.එෆ්. බලකායට තොරතුරක් ලැබී තිබුණි. ඒ අයිස් හා හෙරොයින් නම් මත්ද්‍රව්‍ය දෙවර්ගයම ජාවාරමේ නිරත වෙමින් ඔහු තලාතුඔය ප්‍රදේශයේ රැඳී සිටින බවටයි තොරතුරු ලැබී තිබුණේ. එහිදී තොරතුරු ලැබී තිබු‍ණේ ඇත්තේ 26 හැවිරිදි විවාහකයෙකු වන ඔහු 36 හැවිරිදි කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වමින් ඇය සමඟ තලාතුඔය ප්‍රදේශයේ නිවසක ඉන්නා බවයි.

එම තොරතුරු නිවැරදි බව සනාථ කරගත් එස්.ටී.එෆ්. බලකාය දිලීප් රෝහණ අත්අඩංගුවට ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ. ඔවුන් ඉකුත් 5 වැනිදා අදාළ නිවස වැටලීමට කටයුතු කළ අතර දිලීප් රෝහණ තමා අතවූ පිස්තෝලයෙන් එක් එස්.ටී.එෆ්. නිලධාරියෙකුට වෙඩි තබන්නට වූ අතර එම නිලධාරියා ආරක්ෂිතව ඔහු සිටි ස්ථානයෙන් ඉවත් වනවාත් සමඟ වෙනත් නිලධාරියෙකු වෙත සැකකරුගේ පිස්තෝලය එල්ල වත්ම එම නිලධාරියා ක්‍රියාත්මක වී සැකකරුට වෙඩි පහරක් එල්ල කළේය.

ඉන්පසු සැකකරු මහනුවර රෝහල වෙත රැගෙන යන්නට කටයුතු කළ ද පැය භාගයක් ඇතුළත ඔහු ජීවිතක්ෂයට පත්විය. දිලීප් රෝහණගේ මරණයත් සමඟ සමයං කල්ලියේ මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් වනු ඇති බව පැවසේ.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top