Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
"ඒ අදහස නම් අනාගතයට භාරදීලයි තියෙන්නේ. දැන්ම ඒ බලා‍පොරොත්තුව ඉටු කරගන්න අදහසක් නැහැ.." - භාග්‍යා හෙට්ටිආරච්චි

- "ඒ අදහස නම් අනාගතයට භාරදීලයි තියෙන්නේ. දැන්ම ඒ බලා‍පොරොත්තුව ඉටු කරගන්න අදහසක් නැහැ.." - භාග්‍යා හෙට්ටිආරච්චිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,804 Views
"එයා විදෙස් සංචාර ගියොත් මමත් අනිවාර්යෙන්ම යනවා.."

"එහෙම තහනමක් නැහැ.."

භාග්‍යා හෙට්ටිආරච්චි කියන නම වගේම ඒ රූපයට කාලයක් බොහෝ දෙනා ආදරය කළා. වසර ගණනකින් ටෙලි නාට්‍ය හෝ කිසිම නිර්මාණයකින් දකින්න නොලැබුණු භාග්‍යාට ඇයගේ ආදරණිය සැමියා ක්‍රිකට් ක්‍රීඩක කෞෂල්‍ය සිල්වා පසුගියදා අපුරූ තිළිණයක් ලබා දුන්නා. ඒත් එක්කම ඇය ගැන යලිත් කතාබහ කරන්න පටන් ගෙන. මේ ඒ ගැන කියන කතාවයි

වසර හතරකට විතර පස්සේ තමයි භාග්‍යා ආයෙමත් මේ විදියට කලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් දැන් කියමුකෝ භාග්‍යා අලුතින් කරපු වැඩේ ගැන?
මගේ අලුත්ම ගීත වීඩියෝව දියමන්ති මාලය තුළින් තමයි මම ආයෙමත් කලාවට සම්බන්ධ වුණේ.
 
දියමන්ති මාලය කියන්නේ මොකක්ද?
නිළියක් විදියට මිනිස්සු අතරට ගියාට මටත් හොඳින් ගීත ගායනා කරන්න පුළුවන්. මුල් කා‍ලේ මම කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරුවා. ඒ කා‍ලේ විවිධ ගායනා තරග වලටත් සම්බන්ධ වුණා. සඳ සාක්කි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළෙත් මමයි. හැබැයි මගේම ගීතයක් කරලා ඒකට රූප රචනයක් කරන පළමු අවස්ථාව තමයි මේ.
 
දියමන්ති මාලය ගැන වැඩි විස්තර කිව්වොත්..?
සජිත් පී.චතුරංග රචනා කළ දේශාන් නෝනිස් සංගීතවත් කළ දියමන්ති මාලය ගීතයේ රූප රචනාව කළේ ලහිරු මුදලිගේ විසින්. හේෂාන් මනුල සමග මමත් මෙහි රඟපානවා.
 
භාග්‍යා ආයෙමත් කලාව තුළ දිගටම රැඳී ඉන්නද කල්පනාව?
ම්.... තවම නම් එහෙම අදහසක් නැහැ. ඒත් හොඳම නිර්මාණයක් ලැබුණොත් හිතලා බලනවා. දවසම ගෙදරින් පිටවෙලා රූගත කිරීම් කරන්න අමාරුයි.
 
එහෙනම් රඟපෑම පැත්තකින් තියලා ගායිකාවක් ලෙස ඉදිරියට එන්න භාග්‍යාට පුළුවන්නේ?
මෙහෙමයි.... ඉඳහිට හොඳ Music Video එකක් කරන්න නම් අදහසක් තියෙනවා. හැබැයි සංගීතය තුළ රැඳෙන්න, ප්‍රසංග වේදිකාවල රෑ එළිවෙනතුරු ගීත ගයන්න නම් කොහොමටත් කැමැත්තක් නැහැ.
 
විවාහයත් එක්ක භාග්‍යාට කලාවෙන් දුරස්වෙන්න කියලා කෞෂාල්ගෙන් තහංචි ආපු හින්දද ඔය විදියට කියන්නේ?
අ‍පොයි නැහැ. එයා ගොඩක් කැමතියි මම කලාවේ රැඳී ඉන්නවට.  Music Video එකක් කරන්න කියලා මාව උනන්දු කළෙත් එයයි. ඒත් මම කැමතියි ගේ දොර කටයුතුයි සැමියගේ කටයුතුයි එක්ක ජීවිතේ ගෙවන්න. කෞෂාල් විදෙස් තරගවලට ගියත් මම අනිවාර්යයෙන් එයා එක්ක යනවා.
 
මොනවාද කෞෂාල්ගේ අලුත් විස්තර?
දිගටම පුහුණුවීම් වලට යනවා. පහුගිය කාලයේ අපි දෙන්නා විදෙස් සංචාර කිහිපයකට සහභාගි වුණා.
 
දැන් ඉතින් කෞෂාල් භාග්‍යා කැදැල්ලට පුංචි අමුත්තෙක් එහෙම එන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද?
ඒ අදහස නම් අනාගතයට භාරදීලයි තියෙන්නේ. දැන්ම ඒ බලා‍පොරොත්තුව ඉටු කරගන්න අදහසක් නැහැ.
 
ආරියවංශ කුලතිලක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Edatath Wada Man - Somasiri Medagedara
Edatath Wada Man
Somasiri Medagedara
⤵  204 Downloads

Samaramu Mithudam - Marians
Samaramu Mithudam
Marians
⤵  105 Downloads

Pini Poda - Shanali Silva
Pini Poda
Shanali Silva
⤵  36 Downloads

Thani Wee - Umaria Sinhawansa
Thani Wee
Umaria Sinhawansa
⤵  1,562 Downloads

Kawamadawath - Manej Sanjaya
Kawamadawath
Manej Sanjaya
⤵  2,663 Downloads

Dese Belman - Kusum Liyanage
Dese Belman
Kusum Liyanage
⤵  2,150 Downloads

Vida Mudu Pethi - Chamila P Ekanayaka ft Pavari Amarasa
Vida Mudu Pethi
Chamila P Ekanayaka ft Pavari Amarasa
⤵  984 Downloads

Sepalikawo (Acoustic Version) - Shehan Kaushalya
Sepalikawo (Acoustic Version)
Shehan Kaushalya
⤵  3,308 Downloads

Nimnadiye - Nirwan Thushara
Nimnadiye
Nirwan Thushara
⤵  48,528 Downloads

Kandulu Liyakam (ReMake) - Kalana Peiris
Kandulu Liyakam (ReMake)
Kalana Peiris
⤵  7,104 Downloads



Top 10 Commenters

Latest Comments

Top