Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
යතුරු නැතිව පණ ගන්වන වාහන මාරාන්තිකයි, මරණ රැසක් වාර්තා වෙයි

- යතුරු නැතිව පණ ගන්වන වාහන මාරාන්තිකයි, මරණ රැසක් වාර්තා වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,200 Views
මරණ සිදුවෙලා තියෙන්නේ රථය ඇතුළත කාබන් මොනොක්සයිඩ් වායුව එකතුවෙලා

ඇතැම් වාහනවල උපාංගය ඉවතට රැගෙන ගිය විට එන්ජිම නතරවන්නේ නැත

යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථවල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වී පුද්ගලයන් ගණනාවක් මිය ගොස් ඇති බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් වාර්තාවක දැක්වේ.

එම වාර්තාවේ සඳහන් වන පරිදි 2006 වර්ෂයේ සිට මේ දක්වා පුද්ගලයන් 28 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇත. ඇමරිකාවේ තුළ වසරකට අලෙවිකෙරෙන මිලියන 17 ක වාහන සංඛ්‍යාවෙන් අඩකට වැඩි වැඩි ප්‍රමාණයක් ම යතුරක් නොමැතිව පණගැන්විය හැකි මෝටර් රථ වේ.

බොත්තමක් තද කිරීමෙන් රථය පණ ගන්වා වාහනයෙන් බැස ඉවතට ගිය පසු අතපසුවීමකින් එය නතර නොකර බොහෝ වෙලාවක් එන්ජිම ක්‍රියාත්මක වී පැවතුනහොත්, වාහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඩ් අධික ප්‍රමාණයක් අවට වාතය සමග මිශ්‍ර වේ. එලෙස පිටවන විෂ වායු ආඝ්‍රාණය කිරීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව නිශ්චිතව දැන ගැනීමට අපහසු වන අතර, එම මරණ වාර්තා කර ගැනීමට එක් විශේෂ ආයතනයක් තවමත් පිහිටුවා නොමැත.

පොලිස් වාර්තා, නඩු, ප්‍රවෘත්ති වාර්තා, ගිනි නිවන හමුදා සහ මෙම ගැටලුව පිළිබඳ මහජනයා දැනුවත් කිරීම සදහා ක්‍රියාකරන කණ්ඩායම්වලින් ලැබුණු තොරතුරු සැලකිල්ලට ගෙන 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත පෙර සඳහන් කළ මරණ සංඛ්‍යාව වාර්තා කර ඇත.

යතුරක් නොමැතිව පණ ගැන්විය හැකි මෝටර් රථ ලෝකය පුරා විශාල වශයෙන් භාවිතා කරනු දක්නට ලැබේ. මෙවැනි රථවල යතුර වෙනුවට රියදුරු සතුව කුඩා උපාංගයක් තිබිය යුතු අතර, එහි ඇති බොත්තම තද කිරීමෙන් වාහනය පණ ගැන්විය හැකිය.

එම උපාංගය වාහනය තුළ නොමැතිව එය පණ ගැන්විය නොහැක. නමුත් එම උපාංගය වාහනයෙන් ඉවතට රැගෙන ගිය විට පවා එහි එන්ජිම නවතින්නේ නැත.

යතුර වෙනුවට ඇති උපාංගය සමග රියදුරා රථයෙන් බැස ගිය පසු සමහර දෙමුහුන් (Hybrid) මෝටර් රථවල එන්ජිම ස්වයංක්‍රීයව නතර වන ලෙස නිර්මාණය කර ඇත. නමුත් එවැනි වාහනවල බැටරියේ ආයු කාලය අවසන් වෙමින් පවතින විට පෙර සඳහන් ක්‍රියාව හරියාකාරව සිදු වන්නේ නැත.

මෙතෙක් වාර්තා වී ඇති මරණ බොහොමයක් සිදු වී ඇත්තේ, පිටතින් වැසිය හැකි ගරාජයක් ඇතුළත අතපසුවීමකින් තම වාහනය පණ ගන්වා යෑමෙන් එයින් පිටවන කාබන් මොනොක්සයිඩ් වායුව නිවාස තුළට ඇතුළු වීමෙන් යැයි 'ද නිව්යෝර්ක් ටයිම්ස්' වාර්තාවේ සඳහන් විය.

"පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට තමයි අප ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්නේ. ටොයෝටා ආයතනය නිෂ්පාදනය කරන 'ස්මාර්ට්' යතුරු ක්‍රමය පිළිගත් ආරක්ෂක ප්‍රමිතීන්ට අනුව හෝ ඒවා අභිබවමින් තිබෙනවා" යැයි ටොයෝටා ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙම ගැටලුව මුල් කොට ගෙන ඇමරිකානු පුද්ගලයන් කණ්ඩායමක් 2015 වර්ෂයේ දී ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදකයන් දස දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළහ. එහිදී අදාළ තාක්ෂණය "මාරාන්තික" දෙයක් ලෙස හැඳින්විණි. කෙසේ වෙතත්, 2016 වර්ෂයේ දී විනිසුරුවරයෙකු විසින් එම නඩුව නිෂ්ප්‍රභ කරනු ලැබීය.
BBC ඇසුරින්
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,059 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,106 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  3,915 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,947 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  45,811 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,147 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,366 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,583 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,589 Downloads

Sinahawa Miyadunu Prema Nagaraya - Sanka Manjula
Sinahawa Miyadunu Prema Nagaraya
Sanka Manjula
⤵  1,145 Downloads



Top 10 Commenters

Latest Comments

Top