Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
17
"පොඩි සුදු යන විට වෙඩි තබා ගිනි අවිය ජෙරම් නමැත්තාට දීලා.." - පොඩි සුදු ඝාතනයට ලඩියාගේ ගෝලයෝ දැ‍ලේ

- "පොඩි සුදු යන විට වෙඩි තබා ගිනි අවිය ජෙරම් නමැත්තාට දීලා.." - පොඩි සුදු ඝාතනයට ලඩියාගේ ගෝලයෝ දැ‍ලේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,485 Views
"ලැඩියා අජිත්ට දුරකථන ඇමතුමක් ලබාදීලා ඉන්න තැන කියලා .."

"ඝාතනයෙන් පසුව හෝටලයකට ගොස් විනෝද වෙලා.."

අතුරුගිරිය, ගල්වරුසාව ප්‍රදේශයේදී ‍පොඩි සුදු නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ අතුරුගිරිය ලඩියාගේ ගෝලයන් දෙදෙනකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ලඩියාගේ ගෝලයන් වූ පුබා හෙවත් පුබුදු හා අජියා හෙවත් අජිත් යන පුද්ගලයන් දෙදෙනාය. අජිත් නමැත්තා යුද හමුදා පාබල රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබළෙකි.

ඉන්දියාවේ සිටින ලැඩියාගේ හා මධුරංගගේ උපදෙස් මත ඉකුත් මාර්තු මස 19 වෙනි දින ගල්වරුසාව පාරේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තලගලගේ නිමල්සිරි පෙරේරා හෙවත් ‍පොඩි සුදු යන අයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පති එස්. ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් උප ‍පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, ‍පොලිස් සැරයන් (20553) ඉන්දික, ‍පොලිස් කොස්තාපල්වරු වන (21284) බණ්ඩාර, (40248) ප්‍රසන්න, (84762) කුමාර, (72338) ලලන්ත, (77688) අමිල, (81600) සමීර යන නිලධාරීහු විමර්ශනය කර මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්.

සිද්ධිය වූ දින උදෑසන ලැඩියා අජිත්ට දුරකථන ඇමතුමක් දී ‍පොඩි සුදු ඝාතනය කරන ලෙස දන්වා තිබෙනවා. ඒ අනුව අජිත් පුබුදු සමග යතුරුපැදියෙන් ගල්වරුසාව ප්‍රදේශයට ගියද එහිදී ‍පොඩි සුදු සොයා ගැනීමට නොහැකි වූ නිසා නැවත ආපසු ගොස් ඇති බවද ‍පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවයි සදහන් වෙන්නේ. පසුව එදින සවස නැවත ලැඩියා අජිත්ට දුරකථන ඇමතුමක් ලබාදී කියා ඇත්තේ ‍පොඩි සුදු ඉඩමක ඔප්පු ලිවීම සඳහා නීතිඥවරයකුගේ නිවසේ සිටින බවයි.

 ඒ අනුව අජිත් ඔහුගේ මිතුරෙකුව පුබුදු සමග එම ස්ථානයට යවා තිබෙන අතර  එම නිවසින් පිටවී ‍පොඩි සුදු යන විට වෙඩි තබා මොවුන් ගිනි අවිය ජෙරම් නමැත්තාට ලබාදී යතුරුපැදිය ‍පෝරේ ප්‍රදේශයේ රබර් වත්තක දමා ගොඩගමට ත්‍රිරෝද රථයකින් ගොස් ඇති බවද ‍පොලීසිය පවසනවා.

එහිදී අජිත් හා ලහිරු (පූට්ටුවා) හමුවී ඔවුන් සමග හෝමාගම හෝටලයක් වෙත ගොස් විනෝද වී තිබෙනවා.

එහිදී මෙම ඝාතනයට අදාළ මුදල් අජිත්ගේ මිතුරා වෙත ලබාදීමට මෝටර් රථයකින් කිසියම් පුද්ගලයකු පැමිණ ඇති බවද ‍පොලිස් විමර්ශනවලදී හෙළිව තිබෙන බවත් සදහන්.

එම හෝටලයේ රැය පහන් කර ඔවුන් පසුදා නිවෙස් කරා ගොස් සිටියදී ‍පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය වැඩිදුර විමර්ශන පවත්වයි.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  19,105 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  5,262 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  28,402 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  11,044 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  11,217 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  8,016 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  4,757 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  3,076 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  1,978 Downloads

Wehi Pinne - Minash Hansil Vithanawasam
Wehi Pinne
Minash Hansil Vithanawasam
⤵  3,869 Downloads



Top 10 Commenters

Latest Comments

Top