Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
නූපන් දරුවන් මරන්නට දිරි දෙන රටේ ලාබෙට දෙන බෙහෙත

- නූපන් දරුවන් මරන්නට දිරි දෙන රටේ ලාබෙට දෙන බෙහෙතHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,632 Views

"ලාබෙට පහසුවට හැමතැනම තියෙන 'වේදනා රහිත ගබ්සාව.."

"අවිවාහක සහ බාලවයස්‌කාර තරුණියන් ගැබ් ගැනීමේ ප්‍රතිශතය ඉහළයි.."

"වසරකට ගබ්සාවන් මිලියන විසිහයක් පමණ සිදු වෙනවා.."

මහපාර අයිනේ ඇති දැවැන්ත දැන්වීම් පුවරුවකි. ඒ දැන්වීම් පුවරුව මත සිනාසෙමින් සිටින සුරූපී ලාබාල යුවතියකගේ රුවකි. එය වෙළද දැන්වීමකි. එහෙත් එය රූපලාවන්‍ය ආලේපනයක්‌ ගැන, ඇඳුමක්‌ පැලඳුමක්‌ ගැන හෝ වෙනත් වෙළඳ භාණ්‌ඩයක්‌ ගැන කියවෙන දැන්වීමක්‌ නම් නොවේ. එහි ඇත්තේ වෙනස්‌ම දැන්වීමකි.

'වේදනා රහිත ගබ්සා'

"සිහිනයක්‌ බදු සුවපහසු විනාඩි කිහිපයකින් පසු ඔබේ කරදරයෙන් සදහටම අත්මිදෙන්න. අප වෙතට එන්න."

ඒ දැන්වීමේ සදහන් වෙයි. එය ගබ්සා මධ්‍යස්‌ථානයක්‌ ගැන වෙළද දැන්වීමකි. මෙවන් දැන්වීම් පුවරුවක්‌ අප රටේ මහපාරක්‌ අයිනේ ප්‍රදර්ශනය වූවා නම් එය මහත් ආන්දෝලනයකට තුඩු දෙනු ඇත. එහෙත් චීනයට නම් එය සාමාන්‍ය දෙයකි. චීනයේ ෆුජියාන් පළාතේ පාසැල් දැරියක දරුවෙකු බිහි කළාය. ඇයට යාන්තමට වයස අවුරුදු දාහතර සම්පූර්ණ වූවා පමණකි. එතරම් ලාබාල දැරියකට දරුවෙකු ලැබීම පිළිබද පුවත එක්‌ රැයින් මුද්‍රිත මාධ්‍යවල මුල් පිටුවලම විසල් අකුරින් පළ විණ. මේ සිදුවීම බොහෝ සෙයින් කතා බහට ලක්‌ විය. ඒ කතා බහ ඇතිවූයේ චීනයේ දවසින් දවසම ඉහළ යන බාලවයස්‌කාර ගැබ්ගැනීම් නතර කරවීම අරමුණු කරගෙන නම් නොවේ. පහත්ම අඩියක පවත්නා චීනයේ ලිංගික අධ්‍යාපනය ගැන කතා කිරීම අරමුණු කරගෙනත් නොවේ. චීනය පුරා තරගකාරී ව්‍යාපාරයක්‌ බවට පත් වී ඇති "¨ගබ්සා වෙළදාම" වැඩිදියුණු කරගැනීමේ අරමුණි¨නි. ඒ ලාබාල දැරිය පිළිබද පුවත මාධ්‍ය පුරා වපුරා චීනයේ ගබ්සා ව්‍යාපාරිකයෝ හොඳ හැටියට තම මඩි තරකර ගත්හ.

11980 දශකයේ පටන් චීනයේ සිදු වූ වේගවත් ආර්ථික පෙරළිවල බලපෑමෙන් චීනයේ ජන ජීවිත මෙන්ම සමාජීය ආකල්ප ද සැලකිය යුතු තරමින් වෙනස්‌ විය. ලිංගිකත්වය පිළිබදව චීන සමාජයේ ආකල්පද වෙනස්‌ විය. ලිංගිකත්වය පිළිබදව විවෘතව සිතන්නට චීන සමාජය වෙනස්‌ වීමේ යහපත් පැත්තක්‌ද නොතිබුණා නොවේ. සමලිංගිකයින් හා සංක්‍රාන්තික ලිංගිකයින් කෙරේ සමානාත්මතාවයෙන් සලකන්නට චීන ජනතාව හුරුවීම එවැනි එක්‌ යහපත් ප්‍රතිපලයක්‌ විය. එහෙත් යහපත් ප්‍රතිඵලවලට වඩා චීනයට මේ නිසා භුක්‌ති විදින්නට සිදුවූයේ අයහපත් ප්‍රතිඵලයන්ය. තරුණ පරපුර අතර එච්.අයි.වී ආසාදන ප්‍රතිශතය ඉහළා යැම, අවිවාහක සහ බාලවයස්‌කාර තරුණියන් ගැබ් ගැනීමේ ප්‍රතිශතය ඉහළ යැම මේ අයහපත් ප්‍රතිඵල අතර මුලටම විය.

චීනයේ ජාතික සෞඛ්‍ය හා පවුල් සැලසුම් කමිටු වාර්තාවට අනුව, චීනයේ අවිවාහක, බාල වයස්‌කාර යුවතියන්ගෙන් 4%ක්‌ම අනපේක්‌ෂිත ගැබ් ගැනීම්වලට ලක්‌ වෙන අතර එයින් 90% ක්‌ පමණම ගබ්සාවන් කරගන්නා බව සදහන් වෙයි.

වසරකට ගබ්සාවන් මිලියන දහතුනක්‌ පමණ සිදු වෙන චීනය, ලෝකයේ ඉහලම ගබ්සා ප්‍රමාණය සිදුවෙන රට බවට පත්ව ඇත. වසරකට ගබ්සා මිලියන දහතුන යනු චීනයේ වසරකට සිදුවන මුළු ගබ්සා ගණන නම් නොවේ. මෙයට අමතරව පෞද්ගලික සායන වලදී නිල වශයෙන් වාර්තා නොවන තවත් ගබ්සාවන් මිලියන දහයක්‌ පමණ සිදු වන බව Xinhua 2014 වාර්තාවට අනුව කියවෙයි. මේ හැරුණු කොට ලිංගිකත්වය පදනම් වූ ගබ්සාවන්ද වසරකට විශාල සංඛ්‍යාවක්‌ සිදු වන මුත් ඒවා වාර්තා නොවන බවත් සදහන් වෙයි.
බොහෝ ආසියාතික රටවලද, මැදපෙරදිග රටවලද මිනිසුන් ගැහැණු දරුවෙකු ලබනවාට වඩා පිරිමි දරුවෙක්‌ ලබන්නට වැඩි කැමැත්තක්‌ දක්‌වති. චීන ජන සමාජය තුළද ගැහැණු දරු උපතකට ඇත්තේ එබඳුම තැනකි. අධික ජනගහන වර්ධනය පාලනය කිරීමේ ක්‍රමයක්‌ ලෙස චීනයේ සාමාන්‍ය පවුලකට හදන්නට අවසර ඇත්තේ එක්‌ දරුවෙකු පමණකි. පවුලේ ආර්ථිකයට උර දෙන්නට ගැහැණු දරුවෙකුට වඩා පිරිමි දරුවෙකුට හැකියාව ඇති හෙයින් ඒ එක දරුවා පිරිමි දරුවෙකු වනවාට බොහෝ චීන ජාතිකයින් කැමතිය. එනිසා ගැහැණු දරුවන් මව් කුසේදීම නැති කර දමන්නට ඔවුහු පෙළඹෙති. ඉපදෙන්නට සිටින කලලයේ ස්‌ත්‍රී පුරුෂ භාවය හදුනාගත් වහාම එය ගැහැණු කළලයක්‌ නම් ගබ්සා කර දැමීමේ ප්‍රවණතාවය වැඩිය. මෙය චීනයේ කොතරම් දුරදිග ගිය කාරණයක්‌ද කිවහොත් එය ජනගහනයේ ගැහැණු පිරිමි අසමතුලිත තාවයක්‌ දක්‌වා වර්ධනය වී ඇත. චීනයේ පිරිමි දරු උපත් 117කට ඇත්තේ ගැහැණු දරු උපත් 100 ක්‌ පමණකි. මේ නිසා 2004 වසරේ පටන් කලලයේ ලිංගිකත්වය පදනම් කරගත් ගබ්සාවන් චීනය තුළ නීතියෙන් තහනම්ය. එහෙත් නීතියට පිටින් මේ ආකාරයේ ගබ්සාවන් කිරීම නම් අඩු වීමක්‌ නැත.

මේ ආකාරයේ ගබ්සාවන්ද මිලියන ගණනක්‌ වසරකට සිදුවන නමුත් චීනයේ වාර්තාගත ගබ්සා ප්‍රමාණයට මේ සංඛ්‍යාව එකතු නොවන්නේ නීතියෙන් තහනම් නිසා මේවා හොර රහසේ සිදුවන බැවිනි.

කෙසේ වුවත් චීනයේ එක්‌ දරු ප්‍රතිපත්තිය එරට ගබ්සා ව්‍යාපාරයට නම් ආශීර්වාදයක්‌ බවට පත් වී ඇත. වර්තමානය වන විට "ගබ්සාව" යනු චීනයේ බෙහෙවින් ලාභදායි සහ ප්‍රචලිත ව්‍යාපාරයක්‌ බවට පත්ව ඇත. ඒ කොතරම්ද කියනවා නම් ප්‍රසිද්ධ මාධ්‍යවලින් වෙළඳ දැන්වීම් පළ කරමින් තම ගබ්සා මධ්‍යස්‌ථානවලට සෙනග අද්දවා ගන්නා තැනට වන තෙක්‌ චීනයේ ගබ්සා ව්‍යාපාරය පැමිණ ඇත.

මෙසේ ගබ්සා ව්‍යාපාරිකයින් විසින් මාධ්‍ය වල පළ කරන සහ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කෙරෙන දැන්වීම් බෙහෙවින් ආකර්ශනීයය. මල්, සමනලූන් සහ සිනාසෙන යුවතියන්ගේ රුවින් සැරසුණු රෝස පැහැති දැන්වීම් පුවරුවල විස්‌තර කෙරෙන පරිදි නම් ගබ්සාව යනු විනාඩි කිහිපයක්‌ තුළදී ආරක්‌ෂිතව, වේදනා රහිතව සිදු කළ හැකි ඉතා සුළු ප්‍රතිකර්මයකි.
අඩු ලිංගික අධ්‍යාපනයක්‌ ඇති ලාබාල චීන තරුණියන් මේ දැන්වීම්වලින් මුලාවට පත් වෙති. මේ දැන්වීම්වලින් ඔවුන්ට අවබෝධ කරවන්නේ ගබ්සාව යනු අතිශයින් සරල සාමාන්‍ය දෙයක්‌ බවය. එයින් ඔවුන්ට වක්‍රාකාරව ලැබෙන පණිවුඩය වනුයේ අනාරක්‌ෂිත ලිංගික සම්බන්ධතා හෝ අනපේක්‌ෂිත ගැබ්ගැනීම් යනු ඒ තරම් සැලකිය යුතු කාරණා නොවන බවය. මේ තත්වය වර්තමානයේ චීනයට දැවැන්ත ගැටලුවක්‌ව පවතියි.

"¨චීනයේ වසරකට සිදුවන ගබ්සා ප්‍රමාණය මේ තරම් ඉහළ යන්නට බලපාන්නේ එක්‌දරු නීතිය පමණක්‌ නොවෙයි. ලිංගික අධ්‍යාපනයේ මදි කමත්, පහසු ගබ්සාවන් ගැන තොරතෝංචියක්‌ නැතිව පළවෙන දැන්වීම් වලින් තරුණ පරපුරට දෙන වැරදි අදහසත් ඒකට හේතු වෙනවා. මේ නිසා විශාල වශයෙන් තරුණ ගැහැණු ළමයින් ගබ්සාවලට පෙළඹෙනවා. වෙනකක්‌ තියා අවුරුදු දහතුන දාහතර වයස්‌ කාණ්‌ඩවල ගැහැණු ළමයින් පවා ගබ්සාවලට යොමු වුණු බවට වාර්තා වෙනවා.." චීනයේ හෙබෙයිස්‌ ශික්‌ෂණ රෝහලේ නාරිවේද අංශයේ අධ්‍යක්‌ෂක මෙන්ග් යාලි පවසයි. ගබ්සාව චීනයේ නීතියෙන් තහනම් නැත. එහෙත් ඒ දින සියයට අඩු කලල ගබ්සා කිරීම සදහා පමණකි. දින තිහත් හැත්තෑවත් අතර වයස කලලයක්‌ ගබ්සා කිරීමේදී අනුගමනය කළ යුතු පිළිsවෙත්වලට වඩා දින හැත්තෑවට වැඩියෙන් වයස කලලයක්‌ ගබ්සා කිරීම සදහා අනුගමනය කළ යුතු පිළිවෙත් වෙනස්‌ය. එහෙත් අඩු මුදලට ගබ්සාවන් කරන චීන ගබ්සා මධ්‍යස්‌ථානවලදී ඒ නීතිය සැලකෙන්නේ නැත.

සාමාන්‍යයෙන් චීනයේ ගබ්සා දැන්වීමක කියවෙන පරිදි නම් ගබ්සාවක්‌ ඇමරිකානු ඩොලර් සියයක පමණ සිට ඉහළ මුදලකට කරගත හැකිය. ඊටත් වඩා මිල අධික "වී.අයි.පී . ප්‍රතිකාර" ඇති ගබ්සා මධ්‍යස්‌ථානයන්ද වෙයි. එමෙන්ම එයට අඩු මුදලට ගබ්සාවන් කෙරෙන ස්‌ථානද නැතුවා නොවේ. එහෙත් මේ ගබ්සා මධ්‍යස්‌ථාන බොහොමයක්‌ බෙහෙවින් අනාරක්‌ෂිතය. මේවාට යන යුවතියන්ගේ ජීවිත ආරක්‌ෂාව ගැන මෙන්ම එච්.අයි.වී වෛරස ආසාදනය ගැනද සහතිකයක්‌ දෙන්නට මේ මධ්‍යස්‌ථානවලට නොහැකිය.

චීනයේ දිනෙන් දින ඉහළ නගින බාලවයස්‌කාර ගැබ් ගැනීම් වැලැක්‌වීම සඳහා විසඳුම වනුයේ පාසැල් විෂය මාලාවට නිසි ලෙස ලිංගික අධ්‍යාපනය ඇතුළත් කිරීම සහ දරුවන් අතර ආකල්ප හා සාරධර්ම වෙනසක්‌ ඇති කිරීම මිස ගබ්සාව නීතිගත කිරීම හෝ ගබ්සා මධ්‍යස්‌ථාන දියුණු කිරීම නොවන බව චීන පවුල් සැලසුම් සංවිධාන ආයතනයේ ලේකම් චෙන්ග් හොන්පින්ග් පවසයි. ඔහු පවසන ඒ කරුණ චීනයට පමණක්‌ නොව ගබ්සාව අවශ්‍ය යෑයි පවසන කවර රටකට වුවද සිතා බලන්නට කාරණයකි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  21,263 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  66,874 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,651 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  92,156 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,360 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,281 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,392 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,785 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,381 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,546 Downloads



Top 10 Commenters

Latest Comments

Top