Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
16
"ප්‍රසිද්ධ දේශපාලනඥයන් ආවත් අලුතෙන් එන ඕනෑම කෙල්ලෙක්‌ව අපි පාවිච්චි කරලයි පිටට විකුණුවේ..." - මතට ලෝල් වූ තරුණයෙකුගේ සංවේදී කතාව

- "ප්‍රසිද්ධ දේශපාලනඥයන් ආවත් අලුතෙන් එන ඕනෑම කෙල්ලෙක්‌ව අපි පාවිච්චි කරලයි පිටට විකුණුවේ..." - මතට ලෝල් වූ තරුණයෙකුගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50,483 Views
"යාළුවා ගාව ඕන මාදිලියේ ගෑනු හිටියා.."

"මම ඒ කියන රූම් නම්බර්වලට කෙල්ලව බස්‌සනවා.."

"රුපියල් පන්දහසේ ඉඳලා විසිපන්දහසටත් ගෑනු විකුණුවා.."

"හොරකම් කළා. කප්පම් ගත්තා. කුඩු, ගංජා, අරක්‌කු බිව්වා. බූරුවා ගැහුවා.."

මේ තරුණයා මාතර ප්‍රසිද්ධ චරිතයකි. එහෙත් ඔහු ප්‍රසිද්ධව සිටින්නේ යහපත් පුද්ගලයකු ලෙස නොව, මත්ලෝලී මංකොල්ලකාරයෙක්‌ ලෙසටය. මත්ද්‍රව්‍ය නිසා හොරකමට හුරු වූ ඔහු විටෙක වෙසඟනන් 'ඩීල්' කරන පිම්පි වැඩේ ද කළේය. දැන් ඒ සියල්ලෙන් මිදෙන්නට 'මිතුරු මිතුරෝ' පවුලට බැඳී සිටින්නේය. සැබෑ නම රහසක්‌ව තිබියදී අපි ඔහුට 'කරා' ලෙස නම තබමු. මේ කරාට වැරැදුණු හැටි ඔහු කියන කතාවය.


"අපේ පවුලේ සේරම හත්දෙනයි. අයියයි, මමයි, මල්ලිලා තුන්දෙනයි. එක නංගියි. තාත්ත කඩයක්‌ කරනවා. අම්මා රැකියාවක්‌ කරන්නේ නෑ. අයියත් ප්‍රසිද්ධ ඉන්ෂුවරන්ස්‌ ආයතනයක නිලධාරියෙක්‌ විදිහට රැකියාව කරනවා. මට බාල මල්ලිත් ඉන්ෂුවරන්ස්‌ ආයතනයක හොඳ රැකියාවක්‌ කරනවා. අනිත් මල්ලි නැටුම් ගුරුවරයෙක්‌. චූටි මල්ලිත් කොම්පැණියක රසායනාගාර කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කරනවා. මම ඉස්‌කෝලෙන් අයින් වුණාට පස්‌සේ ජොබ් එකක්‌ කළේ නෑ. කාලයක්‌ මුහුදු ගියා. ඒකත් වැඩි කාලයක්‌ කළේ නෑ. රස්‌සාවක්‌ කරන්න තරම් මම ඉගෙනගෙනත් නෑ. සාමාන්‍ය පෙළ විභාගයට වාඩි වෙන්නේ නැතිව එකොළහ වසර පන්තියෙන් නතර වුණා..."

"මම ඉගෙනගන්න එච්චර දක්‍ෂ නෑ. පුංචි කාලේ ඉඳලා කලේ මදාවි වැඩ. දුම් උරන්න පුරුදු වුණේ හය වසර පන්තියේදී. මුලින්ම බිව්වේ කොළ ඔතලා. ඊට පස්‌සේ දුම්කොළ පුච්චලා කඩදාසි කොළවල ඔතලා බිව්වා. ඊට පස්‌සේ අපේ කඩෙන් බීඩි අරගෙන බිව්වා. හත වසර පන්තියට එනකොට සිගරට්‌ පෙට්‌ටි පිටින් සාක්‌කුවේ දාගෙන බිව්වා. දහය වසර පන්තියට පාස්‌ වෙනකොට ගංජා, අරක්‌කු ඇති වෙන්න බිව්වා. දවසේ වැඩි කාලයක්‌ ගෙව්වේ මත් වෙලා. සර්ලා, මිස්‌ලා උගන්වන කිසිම දෙයක්‌ මට තේරුණේ නෑ. මොළේ විකාර වෙලා තිබුණේ. ඒත් ඒ ෆිලීන් එක මට නැතිවම බැරි වුණා. උදේ ඉස්‌කෝලෙට ගිය ගමන්ම මුල්ලකට ගිහිල්ලා ගංජා සුරුට්‌ටුවක්‌ උරනවා. මත අඩු වෙනකොට තව චුට්‌ටක්‌ උරනවා. පන්තියේ කොල්ලො වට කරගෙන හිනා වෙවි ආතල් ගත්තා. ඉස්‌කෝලේ ඇරිලා යාළුවො හතර පස්‌දෙනෙක්‌ සෙට්‌ වෙලා අරක්‌කු බෝතලයක්‌ අරගෙන බීච් එකට බැස්‌සා. ගෙදර ගියේ නිදාගන්න. විභාගයට පෙනී ඉඳලා වැඩක්‌ නෑ කියලා තේරුම් ගිය නිසා මම විභාගය ලිව්වේ නෑ..."

"ඉස්‌කෝලේ යන්නේ නැතිව ගෙදර ඉන්නකොට යාළුවෙක්‌ මාර්ගයෙන් මුහුදු යන්න සෙට්‌ වුණා. බහුදින ධීවර යාත්‍රා. මාසෙ, එකහමාර මුහුදේ. අරක්‌කු කේස්‌, ගංජා බෑග්, බීඩි මිටි ගණන් අරගෙන ගියා. එක ටිප් එකකට සැලකිය යුතු පඩියකුත් ලැබුණා. ඒ සල්ලිත් අරගෙන ගොඩබිමට බැස්‌සට පස්‌සේ සුද්දා වගෙයි. යාළුවො එක්‌ක සෙට්‌ වෙලා කෑවා, බිව්වා. බීච් පාටිවලට ගියා. ගෑනු එක්‌ක ආතල් ගත්තා. සතියක්‌ යනකොට අතේ සතේ නෑ. ඔය විදිහට ආතල් එකේ ජීවිතය ගෙවිලා යනකොට දවසක්‌ යාළුවෙක්‌ කිව්වා සෙක්‌ස්‌වලට කුඩු හොඳ උත්තේජනයක්‌ කියලා. මමත් සෙක්‌ස්‌වලට හරිම ගිජුයි. ඒ මොහොතේම කුඩු චුට්‌ටක්‌ ඉල්ලගෙන බීලා මුළු රාත්‍රියක්‌ම ගැහැනියක්‌ එක්‌ක ගත කළා. එතකොට මට වයස අවුරුදු විසි එකයි. එදා ඉඳලා ගෑනියක්‌ එක්‌ක ඉන්න යනකොට අනිවාර්යයෙන්ම කුඩු චුට්‌ටක්‌ ගත්තා. දවස ගානේ ගෑනු එක්‌ක හිටියා. මටත් හොරා මම කුඩුවලට ඇබ්බැහි වුණා. අන්තිමේ කුඩු නැතිව ජීවිතයක්‌ නැතිවම ගියා. මුහුදු යනකොටත් කුඩු අරගෙන ගියා. ඒ විදිහට කාලයක්‌ යනකොට මුහුදු රස්‌සාව අතහැරලා යාළුවකුගේ පොට්‌ එකකට සෙට්‌ වුණා. මට පැවරුණු රාජකාරිය ත්‍රිවීල් එකෙන් කියන තැනට කෙල්ලන්ව ගිහිල්ලා බැස්‌සවීම. යාළුව මට කන්න, අඳින්න දුන්නා. කොමිස්‌ මුදලක්‌ ගෙව්වා. ඇති වෙන්න කුඩු දුන්නා. යාළුවා ගාව ඕන මාදිලියේ ගෑනු හිටියා. තව මට වෙන මොනවද... ලෝකයේ තියෙන හොඳම රස්‌සාව ලැබුණු විදිහට හරිම සතුටින් රස්‌සාව කරගෙන ගියා..."

"යාළුවා පොට්‌ එක කරගෙන ගියේ ටවුන් එකේ ගෙයක්‌ අරගෙන. අන්තිමේ මගේ ගෙදර වුණේ එතැන. හිටි ගමන් ගෙදර ගියත් පැයක්‌වත් හිටියේ නෑ, ආපහු ආවා. පොට්‌ එකේ නිතරම ගෑනු තුන් හතරදෙනෙක්‌ හිටියා. සේරම ගනුදෙනු ගියේ ෆොන් එක හරහා. 'මේ හෝටලයට අරගෙන එන්න... අර හෝටලයට අරගෙන එන්න...' කියනවා. මම ඒ කියන රූම් නම්බර්වලට කෙල්ලව බස්‌සනවා. වැඩේ ඉවර වෙලා මට කෝල් කළහම ගිහිල්ලා අරගෙන එනවා..."

"ලංකාව වටේම කෙල්ලො අපි ළඟ වැඩ කළා. මේ සතියේ ඉන්න කෙල්ල නෙමෙයි, ලබන සතියේ ඉන්නේ. එයා යනකොට තව කෙනෙක්‌ සෙට්‌ කරලා දෙනවා. පොට්‌ එක කරපු යාළුවටත් හොඳ කන්ටෑක්‌ තිබුණා. ෆොන් එකට විරාමයක්‌ තිබුණේම නෑ, ගනුදෙනුකරුවො එමටයි. ඒ අය ඉල්ලන සෑම්පලේ වයස්‌වල කෙල්ලොත් අපි ළඟ හිටියා. වයස අවුරුදු දහඅටක ගෑනු ළමයෙකුත් හිටියා. වැඩිපුරම ඉල්ලුම තිබුණේ ඒ ළමයට. රුපියල් පන්දහසේ ඉඳලා විසිපන්දහසටත් ගෑනු විකුණුවා. දෙස්‌, විදෙස්‌ ඕන කෙනෙකුට අපි ගෑනු සප්ලයි කළා. විවිධ ආගම්වල නායකවරුත් අපි ළඟට ඇවිත් තියෙනවා. දේශපාලනඥයන් කියන තැන්වලට ගෑනු තුන්හතරදෙනා ගිහින් දීලා තියෙනවා. අපෙන් ගෑනු අරගෙන ගිහිල්ලා දවස්‌ ගණන් තියාගත්ත ප්‍රසිද්ධ දේශපාලනඥයන් ඉන්නවා. ඒ මොන කස්‌ටමර් හිටියත් අලුතෙන් එන ඕනෑම කෙල්ලෙක්‌ව අපි පාවිච්චි කරලා තමයි පිටට විකුණුවේ..."

"දවස ගානේ විවිධ ගෑනු ඇසුරු කළා. කෙල්ලො දෙතුන් දෙනා එක්‌ක ටි්‍රප් ගිහිල්ලා දවස්‌ තුන හතර ඉඳලා තියෙනවා. අපිත් එක්‌ක වැඩ කරන කෙල්ලෙකුට ආදරය කරලා ඒ කෙල්ලගේ ගෙදර අය බලහත්කාරයෙන් මට බන්දලා දෙන්නත් හැදුවා. මට ගෙදරට එන්න කියලා, රෙජිස්‌ට්‍රාර් කෙනෙකුටත් එන්න කියලා බලහත්කාරයෙන් මගෙන් අත්සන් ගන්න හැදුවා. එදා නම් මාර ගේමක්‌ දීලා තමයි එතැනිං පැනගත්තේ. අන්තිමේ මම කරන ජොබ් එක දැනගෙන මට ගෙදරත් තහනම් කලාපයක්‌ වුණා. ගෙදර කෙනෙක්‌ මඟ තොටේදී මුණගැසුණත් මගේ මූණ බැලුවේ නෑ. නංගිට මම පණ වගේ ආදරෙයි. ඒත් මට නංගිව අල්ලන්නවත් දුන්නේ නෑ. මම ගෙදර පැත්ත පළාතකට ගියේ නෑ. දවසේ පැය විසිහතරම කුඩුවලින් මත් වෙලා හිටියේ. අපිත් එක්‌ක වැඩ කරන සමහර කෙල්ලන්ටත් කුඩු බොන්න පුරුදු කළා. සමහර ගෑනු අපි ළඟට එනකොටම කුඩු, ගංජා, අරක්‌කු බොනවා. ඒ ගෑනුයි, අපියි කුඩු, අරක්‌කු බීලා හොඳටම මත් වුණාට පස්‌සේ පිස්‌සු විකාරයක්‌. දැන් මතක්‌ වෙනකොට ඒ ජීවිතය අප්පිරියයි..."

"අවුරුදු හතරක්‌ විතර පොට්‌ එකේ වැඩ කරගෙන ගියා දවසක්‌ කෙල්ලෙක්‌ව අරගෙන යනකොට පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන උසාවි දැම්මා. රුපියල් සීයක දඩයක්‌ ගහලා නිදහස්‌ කළා.

ඒත් අපිට පොට්‌ එක කරගෙන යන්න පොලිසිය ඉඩ දුන්නේ නෑ. නිතරම වැටලුවා. එහෙම කළේ පොලිසියට දෙන මුදල චුට්‌ටක්‌ අඩු කළා කියලා. අන්තිමේ පොට්‌ එක වහලා දැම්මා. යාළුවට යන්න ගෙයක්‌ තිබුණා. මාව පාරට වැටුණා. රෙස්‌ටුරන්ට්‌වල, ධීවර වාඩිවල රෑ පහන් කළා. කුඩු බොන්න අතේ සල්ලි නැති වෙනකොට හොරකම් කරන්න පටන් ගත්තා. හොරකම් කරලා පොලිසිය හොයනකොට බහුදින ධීවර යාත්‍රාවක නැඟලා මුහුදු ගියා. ඒ ගිහිල්ලා එනකොට සිද්ධිය පොලිසියට අමතකයි. මුහුදු ගිහිල්ලා ගේන සල්ලි සතියෙන් ඉවරයි. ආයෙමත් සල්ලි හොයන්න රොබරියක්‌ ගහනවා. එක වතාවක්‌ ගෙදරකට බැහැලා ගෙදර මිනිස්‌සු බය කරලා රුපියල් ලක්‍ෂ අටක සල්ලි, රත්තරං බඩු කොල්ලකෑවා. මාත් එක්‌ක තව දෙන්නෙක්‌ ඒ කොල්ලයට සම්බන්ධ වුණා. ඒ වරදට අපි තුන්දෙනාම බන්ධනාගාරගත වුණා. හිරේ හිටියා කියලා වෙනසක්‌ නෑ. වෙලාවට ඔලුව මත් කර ගත්තා. සල්ලි තියෙනවා නම්, හිරගෙදර කුඩු ඕන තරම් තියෙනවා. ඇතුළට බඩු ඕන තරම් එනවා..."

"හිරේ ඉන්න කාලය තුළ හොඳ කන්ටෑක්‌ ටිකක්‌ හදාගත්තා. හිරෙන් නිදහස්‌ වෙලා ඇවිත් රොබරියක්‌ ගහලා ඒ සල්ලිවලින් ඇතුළේදී ගොඩනඟාගත්ත කන්ටෑක්‌ හරහා කුඩු අරගෙන බිස්‌නස්‌ කළා. ඒ ගත්ත කුඩුවලින් බාගයක්‌ම බිව්වේ අපි. ඒකත් වැඩි කාලයක්‌ කරන්න බැරිව ගියා. පොලිසියට කොටු වුණා. ඊට පස්‌සේ හිරේ යැම සාමාන්‍ය දෙයක්‌ වුණා.

මංකොල්ලකෑම්වලට කොටු වෙලා කිහිප වතාවක්‌ම හිරේ ගියා. කුඩුත් එක්‌ක කොටු වෙලාත් හිරේ ගියා. සේරම එකොළස්‌ වතාවක්‌ විතර වරින්, වර බන්ධනාගාරගත වෙලා තියෙනවා. කුඩු නඩු දෙකක්‌ තියෙනවා. මංකොල්ලකෑම් නඩු හතරක්‌ තියෙනවා. රෙස්‌ටුරන්ට්‌ එකක්‌ කුඩු කරලා නඩුවක්‌ තියෙනවා. කඩයක්‌ කුඩු කරලා නඩුවක්‌ තියෙනවා. සේරම නඩු නවයයි. කොයි වෙලාවේ ඇතුළට යන්න වෙයිද දන්නේ නෑ..."


"අන්තිමටම පොලිසියට කොටු වුණේ ටවුන් එකේ කඩයක්‌ කුඩු කරලා. ඒක යූ ටියුබ් එකෙත් තියෙනවා. ඒ සිද්ධිය වුණේ ජනවාරි පළමුවැනිදා දවසක. 31 ක රෑ සමරලා පළමුවැනිදා පාන්දර කුඩු ගේන්න මම කොල්ලෙක්‌ ගාල්ලට පිටත් කළා. කුඩු අරගෙන එනකොට කොල්ලා ඇක්‌සිඩන්ට්‌ වුණා. ඒ සිද්ධිය මම දැනගත්තේ ඊට පහුවෙනිදා පාන්දර එකහමාරට. එතකොට මම හොඳටම මත් වෙලා. අරක්‌කු, කුඩු, ගංජා සේරම බීලා පිස්‌සු වැටිලා. ඒ මොහොතේම මට කොල්ලව බලන්න යන්න ඕනා වුණා. ඒත් අතේ සල්ලි නෑ. යන්න වාහනයකුත් නෑ. පස්‌සේ අපේ යාළුවෙක්‌ ගිහිල්ලා ටවුන් එකේ කඩයක කැෂියර් එකේ හිටපු කෙනෙකුට ලයිසන් එක දීලා අත මාරුවට රුපියල් පන්දහක්‌ ඉල්ලලා තිබුණා. දීලා නෑ. පස්‌සේ මම ගිහිල්ලා ඉල්ලුවාම දුන්නා. ඒත් සල්ලි දෙන්න පරක්‌කු වෙච්ච නිසා අපේ උන් කඩේ බඩු පොඩි කළා. කුණුහරුප වැපුරුවා. අපි දන්නේ නෑ කරපු, කියපු සේරම දේවල් සීසීටීවී කැමරාවේ රෙකෝඩ් වෙලා. ඊට පහුවෙනිදා උදේ පාන්දර නිව්ස්‌වලට කිව්වා. ඉන්ටර්නෙට්‌ දාලා තිබුණා. ටවුන් එක දෙවනත් කරලා පොලිසිය අපිව හෙව්වා. මම ගමෙන් පැන්නා. වත්තල හෝටලයක මාස තුනක්‌ හැංගිලා හිටියා. අන්තිමේ මම ගිහිල්ලා පොලිසියට භාර වුණා. බන්ධනාගාරගත වෙච්ච වෙන අවස්‌ථාවලදී ගෙදරින් කවුරුහරි ඇවිත් ඇප තියලා එළියට ගත්තා. ඒ වතාවේ ඇප තියන්න කවුරුත් ගෙදරින් ආවේ නෑ. නංගි මට කෝල් කරලා 'පුංචි අයියේ වහ ටිකක්‌ කාලා මැරිලා පලයං' කියලා කිව්වා. පවුලේ අයට දුක්‌ දෙන්නේ නැතිව මටත් මැරෙන්න හිතුණ වාර අනන්තයි. ඒත් හිත හදාගෙන, මහත්වරුන් හරහා ගෙදරට වද කරලා අමාරුවෙන් හිරෙන් නිදහස්‌ වුණා..."

"මාස එකහමාරක්‌ රිමාන්ඩ් එකේ ඉඳලා නිදහස්‌ වුණේ ගිය අවුරුද්දේ මාර්තු 24 වැනිදා. ඇප තියලා අයියා නිදහස්‌ කරගත්තට ඒ වෙනකොට අවුරුදු දෙකක ඉඳලා වචනයක්‌වත් මාත් එක්‌ක කතා කරලා තිබුණේ නෑ. අප්‍රියෙල් 16 වැනිදා අයියා මට කතා කරලා මේ පන්සල ගැන කිව්වා. 'උඹට ගොඩ යන්න තියෙන හොඳම තැනක්‌... මේ වතාවෙත් උඹ මෙතැනට යන්න කැමැති වුණේ නැති නම් උඹට ජීවත් වෙන්න වෙන්නෙ හිරේම තමයි. ගෙදර කවුරුවත් උඹට ඇප තියන්න එන්නේ නෑ. ඒ නිසා කැමති නම් යන්න ලෑස්‌ති වෙයං. මම ගිහින් දාන්නම්...' ඒ වෙනකොට මටත් ගෙවපු අපාගත ජීවිතයෙන් මිදෙන්න ඕනා වෙලා තිබුණේ. මම මේ පන්සලට එන්න කැමති වුණා. ඒත් පන්සලට ඇවිත් සතියක්‌ දෙකක්‌ යනකම් ආව මෝඩකමක්‌ කියලා හිතුණා. කුඩු සික්‌ එක කැඩිලා, හම පාට වැටිලා ජීවිතයේ ලොකු පරිවර්තනයක්‌ වෙනවා කියලා දැනෙනකොට මම මේ පවුලට තදින් බැඳුණා..."

"දැන් මට තේරෙනවා ජීවිතය විඳවලා මිසක්‌ වින්දේ නෑ කියලා. හොරකම් කළා. කප්පම් ගත්තා. කුඩු, ගංජා, අරක්‌කු බිව්වා. බූරුවා ගැහුවා. ගණිකාවන් එක්‌ක හිටියා. එක පාර ගෑනු තුන් හතරදෙනා එක්‌ක ඉන්න තරම් තිරිසන් වුණා. හොර, මැරකම් කරලා හම්බ කරන සේරම සල්ලි වියදම් කළේ අවලං වැඩවලට. අද වෙනතුරු ගෙදරට රුපියලක්‌වත් දීලා නෑ. ගෙදරින් මගේ සල්ලි ගන්නෙත් නෑ. 'නරකාදි ජීවිතයෙන් මිදියං පුතේ' කියලා තාත්තා දෙපාරක්‌ මට වැඳලා තියෙනවා. මම නිසා අම්මා හැමදාම ඇඬූ කඳුළින්. අපේ පරම්පරාවටම කුඩුකාරයෙක්‌, හොරෙක්‌ ඉන්නේ මම විතරයි. ඒත් මාව ගෙදරින් අතහැරලා නෑ. මාසයකට සැරයක්‌ අම්මයි, තාත්තයි ඇවිත් බලලා යනවා. මම ගෙදර එනවට පවුලේ කිසිම කෙනෙක්‌ සතුටු නෑ. ඒත් මම එනකම් බලාගෙන ඉන්න කෙල්ලෙක්‌ ඉන්නවා. එයා මට ගොඩක්‌ ආදරෙයි. මමත් ඒ එයාට ආදරෙයි. ඒත් මම සමාජයට යන්න බයයි. ජීවිතය විඳින්න ගිහින් ආයෙත් නරකාදියට වැටෙයි කියලා ලොකු බයක්‌ තියෙනවා. තවමත් මට හිත පාලනය කරගන්න බෑ. හිර ගෙවල්වල විඳපු දුක මතක්‌ වෙනකොට දැනුත් ඇඟ හිරිවැටෙනවා. ඇති වෙන්න පව් පුරවගත්තා. තවත් පව් තර කරගන්න බෑ. ගෙදර සතුට නැති කරන්න බෑ. ඒ නිසා මම මෙතැනිං යන්න කැමති නෑ. මෙතැනට සේවය කරගෙන ජීවිත කාලයම ගත කරන්න තමයි මගේ අදහස..."

කරාට දැන් වයස අවුරුදු විසිඅටකි. තවමත් ජීවිතයේ අඩක්‌වත් ගෙවී නැත. එහෙත් ඔහු ගෙවූ කෙටි කාලය තුළ නොකළ යුතු සියලු දහදුරා වැඩ කර හමාරය. ගත කරපු අපාගත ජීවිතය තේරුම් යන විට ඔහු සමාජයට මුහුණදීමට බියක්‌ දක්‌වන්නේය. එහෙත් දිවි තුරාවට 'මිතුරු මිතුරෝ' පවුලේ සාමාජිකයෙක්‌ වීමට ඔහුට ඉඩක්‌ නොමැත. එහෙයින් යථාර්ථය තේරුම් ගෙන සමාජයේ යහපත් පුරවැසියෙක්‌ ලෙස ජීවත්වීමට සිත හදාගැනීම ඔහුගේ වගකීමකි.

තරංග රත්නවීර
Make a Comment
Make a Comment






Recent Gossip Post




Saaritha - Viraj Perera
Saaritha
Viraj Perera
⤵  8,608 Downloads

Iranamata Ida Denna Ba Wasthuwe - Lanka Nadimal
Iranamata Ida Denna Ba Wasthuwe
Lanka Nadimal
⤵  6,898 Downloads

Lan Lan Wela Rahase - Chanaka Ambegoda
Lan Lan Wela Rahase
Chanaka Ambegoda
⤵  1,229 Downloads

Sihine Mage - Reshani Wijewardana
Sihine Mage
Reshani Wijewardana
⤵  3,584 Downloads

Susume Dewatenna One - Roshan Cyril
Susume Dewatenna One
Roshan Cyril
⤵  32,127 Downloads

Bambari Mage - Buddhika Rambukwella
Bambari Mage
Buddhika Rambukwella
⤵  2,646 Downloads

Diwya Prathimawak - Indika Liyanage
Diwya Prathimawak
Indika Liyanage
⤵  1,524 Downloads

Sandawan Re - Janaka Priyankara
Sandawan Re
Janaka Priyankara
⤵  588 Downloads

Mata Duka Thiya - Manjula Wickramaarachchi
Mata Duka Thiya
Manjula Wickramaarachchi
⤵  4,231 Downloads

Ashirwada Soya - Eranga Mithun
Ashirwada Soya
Eranga Mithun
⤵  12,218 Downloads



Top 10 Commenters

Latest Comments

Top