Harry කුමරු හා meghan markle ගේ විවාහයට මෙගාන්ගේ පියා වන thomas markle සහභාගි නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.
රූපවාහිනී ආලෝකකරණ අධ්‍යක්‌ෂවරයකු වන ඔහු දැනට ජීවත් වන්නේ මෙක්‌සිකෝවේ. තමා දියණියගේ විවාහ උත්සවයට සහභාගි වී ඇය අපහසුතාවට පත් කරන්නට අකැමැති බව මැකරල් ප්‍රකාශ කර තිබෙනවා.
73 හැවිරිදි markle ට ආතතිය හේතුවෙන් හෘදයාබාධයක්‌ද වැළඳී තිබෙන බවයි සදහන් වෙන්නේ. ඒ හේතුවෙන් වෛද්‍යවරුන් ඔහුව පරික්ෂාවට භාජනය කර තිබෙන අතර එහිදී තහවුරු කර තිබෙන්නේ රුධිර වාහිනී දෙකක අවහිරතා හේතුවෙන් ඒ සදහා ස්ටෙන්ට් කිරීමට අවශ්‍ය බවයි. එම සැත්කම අද උදෑසන 7.30 ට සිදු කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය රජ පවුලේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ එය තනිකරම meghan markle ගේ පුද්ගලික කාරණයක් බවයි.