"මාර කෑල්ල නේද මචං"
"මල්ලි බයවෙන්න එපා දවල් වරුවට කවුරුත් එන්නේ නෑ"
"මගේ දුක සැප බලන්න කවුරුත් නෑ මල්ලි.. මම මල්ලිට ආදරෙයි"
කාලයත් එක්ක අපේ ජීවිත ගමනෙදි අපිට අපිවම මුණගැහෙනවා. ඒ වගේම විවිද ස්වරූපයෙන් අපිට අපේ ආශාවන් අපිට අපේ ප්‍රාර්ථනාවන් මුණගැහෙනවා.
යහළු මිත්‍රයොත් ඒ වගේම තමයි. අපි හිතන පතන විදිහටම තමයි අපේ යහළුවොත් හිතන්නේ පතන්නේ. ඒ මොකද අපේ අවකාශයට ගැලපෙන අයව තමයි අපි තෝරගන්නේ.
කැමති අයව ලඟට ගන්න අකමැති අයව අත්හරින සම්බන්ධතා ඇතුළේ ආශාවන්ට වහල්වුණු තවත් ගණුදෙනුකාරී ජීවිතයේ හැඟුම් ගණුදෙනු කරන තවත් කතාවත් තමයි මේ. හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 29 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.
මේ කතාව ගමක හැදුනු වැඩුනු කසුන් ගැනයි.
කොළඹට ටිකක් නුදුරින් පිහිටි පොඩි ගමක තමයි ඔහු හැදුනේ වැඩුනේ. සමහර තරුණයන් වගේම කසුනුත් ගමේ රස්තියාදු ජීවිතයක් තමයි ගතකරේ.
ගමේ පුංචි පුංචි රස්සා කරලා පසුව කොළඹ ඇවිත් රස්සාවක් කරන්න කසුන් හිතාගන්නවා. කොළඹ මිතුරෙක්ගේ මාර්ගයෙන් කොළඹ පේමන්ට් එකේ රස්සාවක් කරගෙන ජීවත් වුණත් පසුව ටයි කොට් දාගෙන සේල්ස්මන් ජොබ් එකක් මේ දෙන්නට ලැබෙනවා.
එහෙම ටිකකාලයක් වැඩකරපු කසුන්ට එක ගෙදරක කාන්තාවක් කිට්ටුවෙන්න ගන්නවා. ඇය දවල් කාලයේ ගෙදර තනියම තමයි ජීවත් වුණෙත්.
ඔහොම ටිකකාලයක් ගතවෙනකොට මේ දෙන්නගේ සම්බන්දය ලිංගික සම්බන්ධයක් දක්වා දුරදිග යනවා.
මේ සම්බන්දය නිසාම කසුන්ට සමාජ රෝගයක් වැළදෙනවා.
අතරමගදි හමුවී අතරමගදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී. මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
කසුන්ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්...VIDEO