Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
"බිකිණිය ඇන්දොත් වැරදි ඇහැකින් බලන්නේ, මට ඒ දේ නොකරම ඉන්න බැරි වුණා.." - ලෝක විවාහක රූ රැජිණ වූ ශ්‍රීමාලි කියයි - Exclusive

- "බිකිණිය ඇන්දොත් වැරදි ඇහැකින් බලන්නේ, මට ඒ දේ නොකරම ඉන්න බැරි වුණා.." - ලෝක විවාහක රූ රැජිණ වූ ශ්‍රීමාලි කියයි - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60,668 Views
"ඒ මොහොතේ මට හැගුණ එකම හැගීම ඒක.."

"සල්ලිවලට මම එහෙම කරන්නේ නැහැ.."

ශ්‍රීමාලි ෆොන්සේකා නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. නමුත් ඇය කතාබහට ලක් වූ චරිතයක් කිව්වාට වරදක් නැහැ. නිරුපනයෙන් ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රීමාලි රංගනයෙන්, නිරුපනයෙන් වගේම නිවේදිකාවක් විදිහටත් දකින්න ලැබෙනවා. හිරු මෙගාස්ටාර්ස් හරහා නර්තන හැකියාව පෙන්නු ඇය පසුගියදා ඇමරිකාවට ගියා. ඒ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පැවති ලෝක විවාහක රූ රැජිණ තරගයකට. එම තරගයෙන් කිරුළ හිමි කරගන්න ඇයට අවස්ථාව උදා වුණා. මේ ඒ ගැන ශ්‍රීමාලි කියන කතාවයි

ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පසුගියදා පැවති ලෝක විවාහක රූ රැජිණ තරගයකට සම්බන්ධ වුණා. ඒ ගැන මුලින්ම කතා කරමු..?
මේ පැජන්ට් එකට මම සහභාගී වුණේ රටවල් 30ක නියෝජනයෙන්. මම 2012 වර්ෂයේ මිසිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ ඒ අවුරුද්දෙම මිසිස් ඒෂියා වෙන්න වාසනාවන්ත වුණා. එදා මම හිතා ගත්තා ලෝක විවාහ රූ රැජින තරගයකට මම සම්බන්ධ වෙනවා කොහොම හරි කියලා. ඒ හීනය තමයි මේ විදිහට මම සැබෑ කරගත්තේ.

තරගයට සහභාගී වෙනකොට ශ්‍රීමාලි හිතුවද කිරුළ ඔබේ හිසේ පළදගන්න පුළුවන් වෙයි කියලා..?
මේ තරගයට මාව යෝජනා කරලා මාව තෝරා පත් කරගත්තේ ඇමරිකාවේ ඉන්න මේ තරගාවලියේ නැෂනල් ඩිරෙක්ටර් චිත්‍රාල් ද මෙල් මහත්මයා. ඔහුගේ ආරාධනාව මට මුලින්ම භාර ගන්න බය හිතුණා. ඒකට හේතුව මේ වගේ තරගයකට මම කොහොමද තනියම මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නයයි. නමුත් මගේ හීනය ඒක නිසා මම තීරණය කළා කොහොම හරි සහභාගී වෙලා අපේ රට වෙනුවෙන් ඒ කිරුළ මගේ හිසේ පලද ගන්නවා කියලා. ඒ අරමුණෙන් තමයි සම්බන්ධ වුණේ. තරගය පුරාවට මම හොදින් සාර්ථකව මුහුණ දුන් නිසා මට ජයගන්න පුළුවන් වුණා. ජයග්‍රාහිකාවගේ නමට කලින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වුණු කියලා නිවේදනය කරද්දී මට පුදුමාකාර සතුටක් ඇති වුණා.

තරගයේදී ඔබට අභියෝගයක් වුණේ..?
තරගයට සම්බන්ධ වුණු සියලුම තරගකාරිනියන් සුරුපිණියන්. හරිම සුන්දරයි ඒ අය. නමුත් බොහෝ ඇයගේ ශරීරයේ හැඩය විශාලයි. ශරීරය අනවශ්‍ය විදිහට කැපිලා පෙනෙනවා. ඒ අතරේ මට අභියෝගයක් වුණේ ඉන්දියාව නියෝජනය කළ රුවැත්තිය තමයි.එයා හරිම ක්‍රියාශීලි කෙනෙක්. අනිත් කෙනා පොටෝරියෝ නියෝජනය කළ රුවැත්තිය.

ඔයවගේ පැජන්ට්වලදී බිකිණි සෙග්මන්ට් එක අනිවාර්යයෙන්ම ඇතුළත්. ඔබත් බිකිණි ඇන්දාද..?
තරගාවලියේදී බිකිණි අදින්න තිබුණා. අපේ රටේ බිකිණිය ඇන්දොත් වැරදි ඇහැකින් බලන්නේ. නමුත් මට ඒ දේ නොකරම ඉන්න බැරි වුණා. තරගයට අවශ්‍ය නිසා. එතැනදී මම තමයි කැපිලා පෙනුණේ. මගේ සිහින් සිරුර හා ප්‍රශ්න අහන වටයේදී මම දුන් උත්තරය තමයි ජයග්‍රහණයට හේතුවක් වුණේ. ඒ වගේම ජාතික ඇදුම ලස්සනට තිබුණේ මගේ. කිසිම කෙනෙක් උඩරට ඔසරිය මිට කලින් දැකලා නැහැ. ඒ නිසා ඒ හැම තැනකින්ම මාව කැපිලා පෙනුණා. ජයගත්තොත් මම රට වෙනුවෙන් මොනවාද කරන්නේ කියලා ඇහුවා. ඒ ප්‍රශ්නයේදී මම කිව්වේ අපේ රටේ යුද්ධය නිසා අබධයට ලක් වුණු සෙබළුන් ඉන්නවා. මම ඒ සෙබළුන් වෙනුවෙන් උදව් කරනවා කිව්වා. ඒ රටේ හමුදාවට තියෙන්නේ පුදුමාකාර ගෞරවයක්.

ආබාධිත සෙබළුන්ට සේවය කරන බවට ඔබ වාචිකව කියූ දේ ක්‍රියාකරන්න බලාපොරොත්තුවක් නැද්ද..?
මම කොහොමත් ඒ දේ කරනවා. මම සෙබළුන් වෙනුවෙන් සංවිධානයක් පවත්වන්න ඉදිරියේදී කටයුතු කරනවා. වචනයට විතරක් සිමා කරන්නේ නැහැ.

ජයග්‍රහිකාවගේ නමට ඔබේ නම නිවේදනය වූ මොහොතේ මොන වගේ හැගිමක්ද ඇති වුණේ..?
මගේ රෝල් මොඩ්ල් එක රෝසී සේනානායක මහත්මිය. මම නිරුපණයට සම්බන්ධ වූ දවසේ ඉදලා ඇයව තමයි ෆලෝ කළේ. ලෝකයම නියෝජනය කරන රූ රැජින තරගයක ජයගෙන තිබුණේ ඇය. ඉන් පස්සේ මම. ඒ මොහොතේ මට හැගුණ එකම හැගීම අපේ රට වෙනුවෙන් මට ඒ දේ කරන්න පුළුවන් වුණා නේද කියන එක විතරයි.

ජාත්‍යන්තර පැජන්ට් බොහොමයකට අපේ රටේ නිරූපිකාවන් සම්බන්ධ වෙන්නේ සල්ලි දීලා කියලත් චෝදනාවක් තියෙනවා. ඒ චෝදනව ඔබටත් අදාළද..?
මට නම් කොහෙත්ම අදාළ නැහැ. මේ සදහා මාව තෝරා ගත්තේ මාව සුදුසු නිසා. එහි සියලුම ගෞරවය හිමි වෙන්න ඕන සංවිධායක මණ්ඩලයට හා මෙල් මහත්මයාට. එතුමා තමයි මේ තරගයට අවශ්‍ය සියලුම පහසුකම් හා මුදල් යෙදෙව්වේ. මම නම් රුපියලක්වත් වියදම් කරේ නැහැ. සල්ලි දීලා බාල පැජන්ට්වලට මම කොහොමත් සම්බන්ධ වෙන්නේ නැහැ. සල්ලි වියදම් කරලා ක්‍රවුන් එක ඔලුවේ දාගන්න මට කිසිම වුවමනාවක් නැහැ.

හර්ෂණී වීරරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  1,259 Downloads

Amara - Roony
Amara
Roony
⤵  2,625 Downloads

Maha Wassa - Dr.Pradeep Rangana
Maha Wassa
Dr.Pradeep Rangana
⤵  7,140 Downloads

Sandawathiye - Ashan Fernando
Sandawathiye
Ashan Fernando
⤵  25,211 Downloads

Supurudu Oya - Shehan Perera
Supurudu Oya
Shehan Perera
⤵  26,081 Downloads

Ridi Rekawak - Sirimevan Ilankoon
Ridi Rekawak
Sirimevan Ilankoon
⤵  208,824 Downloads

Ang - Rashimi Api
Ang
Rashimi Api
⤵  3,021 Downloads

Seetha Pavan Yai Hama - Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
Seetha Pavan Yai Hama
Rajiv Sebastian, Suneth Kelum, Shanika Wanigasekara, Supriya Abeysekara, Nishi Tennakoon, Indunil Andaramana, Shiromi Rathnayake, Harsha Udakanda, RukyBoy, Dhammika Bandara,Uthpala Sumudumali, Eranga Lanka, Sangeeth Kodithuwakku, Chamika Prasad, Sarath De Alwi
⤵  3,311 Downloads

Sirakari - Shiromi Rathnayake
Sirakari
Shiromi Rathnayake
⤵  3,136 Downloads

Naththal - Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
Naththal
Nalin , Keerthi , Noel , Shashika , Rohitha , Shanika , Theekshana , Dinesh , Pasindhu , Sandaruwan
⤵  47,512 Downloads



Top 10 Commenters

Latest Comments

Top