Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
15
"මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා, මම එයාට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා.." - ෂෙරිල් ඩෙකර්

- "මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා, මම එයාට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා.." - ෂෙරිල් ඩෙකර්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,186 Views
"වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ.."

"දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි..."

ෂෙරිල් ඩෙකර් කියන්නේ පුංචි තිරයේ ඉන්න අහිංසක රුවැත්තියක්. චරිතවලින් නිරන්තරයෙන්ම පුංචි තිරය අරක්ගෙන නොහිටියට ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. ඇයගේ අලුත් තොරතුරුයි මේ.

ෂෙරිල් නාට්‍යක් සඳහා එක්වූයේ සෑහෙන කාලෙකට පස්සේ..
මා අන්තිමට රඟපෑවේ මීට වසර 3 කට කලිනුයි.  ඉන්පසු තමයි අලුත් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ
 
ෂෙරිල් ටෙලි නාට්‍යය සඳහා එක්වන්නේ කලාතුරකින්.. ඇයි ඒ .. ?
එක නාලිකාවක මම රඟ පෑ ටෙලි නාට්‍යයක් ඉවරවෙලා අනිත් නාලිකාවට හරවද්දිත් මමම ඉන්න ටෙලි නාට්‍යයක් යනවා දකින්න අකැමැති හින්දයි ඉඳහිට මතක හිටින නිර්මාණයකට විතරක් එක්වන්නේ.. මා රඟ පෑ හැම ටෙලි නාට්‍යක්ම ජනප්‍රිය වුණා.
පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද  ..?
 
ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට හරියන විදියේ පිටපතක් ඒ අතර තිබුණේ නැහැ..
කොහොමද සාමාන්‍ය ජීවිතයේ තොරතුරු ..
සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.. රුවන් එයාගේ සංගීත කටයුතු කරගෙන යනවා.. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා.. අපි දෙන්න අපි දෙන්නගේ වැඩවලට සහය දෙනවා.. රුවන් ප්‍රසංගවලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා.. ඒ වගේම මම ෂූටින් යද්දිත් රුවන් එනවා.. ගේ දොර කටයුතුත් බෙදා හදාගෙන කරනවා.
 
උයන පිහන කටයුතුවලටත් රුවන් සහය දෙනවද  ..?
ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා.. ඒත් මම ගෙදර ඉන්න දවසට උයන පිහන වැඩ කරන්නේ මම. රුවන් උයන්න එන්නේ නැහැ.. ඒත් ගෙදර දොර පිළිවෙළට තියාගන්න වැඩවලට නම් එයා මට වඩා දක්ෂයි.. මම ගේ පිළිවෙළට තියාගත්තේ නැත්නම් රුවන්ගෙන් බැණුම් අහන්න වෙනවා..ගේ දොර පිළිවෙළට තියාගන්න  වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් අතින් ..
 
දෙන්නම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ ....
මොකක් හරි කෑමක් හදනවා. හොඳ චිත්‍රපටයක් බලනවා.. ඒ වගේම ආගමික කටයුතු සඳහාත් කාලය වෙන්කරනවා..
 
මොනවද ආගමික කටයුතු .. ?
දෙන්නම එකතු වෙලා යාඥා කරනවා.. අපි දෙන්නම ආගමට ගොඩක් නැඹුරු දෙන්නෙක්. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දෙවල් ආරක්ෂා වන්නේ වැඩි දියුණු වන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙන හින්දා.. එහෙම වෙන්නේ අපි ආගමානුකූලව ජීවත්වෙන හින්දා කියන එක අපි තදින්ම විශ්වාස කරනවා..
 
රුවන්ගේ ගීත රූප රචනා බොහොමයක රඟපාන්නේ ෂෙරිල් සහ රුවන් .. දවසක ඔහුත් රංගනයට එක්වෙයිද .. ?
මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ.. ඒ වගේම තමයි රුවනුත් නිතරම කියන්නේ එයාට රඟපාන්න බෑ කියන එක. එයා රඟපාන්න එන එකක් නෑ ..
 
දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇතිවන අවස්ථා ඇති  ..
එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ..
 
ෂෙරිල්ට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද .. ?
ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක් .. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා.. ඒත් දැන් මට ඉබේම වගේ ඉවසීම පුරුදුවෙලා. දැන් මට කේන්ති යන්නේ නෑ..හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා කේන්ති යනවා..
 
ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා කිව්වේ.. මතකද ඉන් එක අවස්ථාවක් .. ?
මම ගියේ මිශ්‍ර පාසලකට.. මේ සිද්ධිය වුණේ මම 8 වසරේ ඉගෙන ගනිද්දි.. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා . ඒකේ කැර‍පොත්තෝ පිරිලා ඉන්න හින්දා කවුරුවත් ඒ කබඩ් එක අරින්නේ නැහැ.. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැර‍පොත්තෙක්ව මගේ ඇඟට දැම්මා.. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා.. මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා..
 
ෂෙරිල් රුවන් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද කියලා දැනගන්න ඔබලාගේ රසික පිරිස කැමති ඇති..
අපි දෙන්නත් ආශාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකල් .. දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි.
 
ආරියවංශ කුලතිලක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Maya Dasin - Sayuri Mandira
Maya Dasin
Sayuri Mandira
⤵  21,242 Downloads

Raththarane - Dimanka Wellalage
Raththarane
Dimanka Wellalage
⤵  66,796 Downloads

Gimhana Sihine - Udaya Shree ft Shashika Nisansala
Gimhana Sihine
Udaya Shree ft Shashika Nisansala
⤵  15,639 Downloads

Sudu Manika - Nalinda Ranasinghe
Sudu Manika
Nalinda Ranasinghe
⤵  92,065 Downloads

Hamuwe Nam - Athma Liyanage
Hamuwe Nam
Athma Liyanage
⤵  21,344 Downloads

Aradhana - Natasha Perera
Aradhana
Natasha Perera
⤵  24,244 Downloads

Sansara Gayanawak  - Chillie Thilanka
Sansara Gayanawak
Chillie Thilanka
⤵  19,377 Downloads

Sudu Kirilliye - Randhir Witana
Sudu Kirilliye
Randhir Witana
⤵  17,775 Downloads

Issara Dawasaka - Niwantha Jayasinghe
Issara Dawasaka
Niwantha Jayasinghe
⤵  7,379 Downloads

Senehe Puda - Madumal Ekanayaka
Senehe Puda
Madumal Ekanayaka
⤵  4,543 Downloads



Top 10 Commenters

Latest Comments

Top