Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
චෝදනා පත්‍රයේ නොමැති කරුණු වලට දුමින්ද වරදකරුවෙක් කරලා - Video

- චෝදනා පත්‍රයේ නොමැති කරුණු වලට දුමින්ද වරදකරුවෙක් කරලා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

78,328 Views
දෙපාර්ශවය හමුවුණේ අහම්බෙන්

පළමුව වෙඩි වැදුනේ දුමින්දට

සාක්ෂි ගණනාවක් තීන්දුවේදී නොසලකා හැරලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බවට සාක්ෂි ගණනාවක් තිබුණද ඒවා නොසලකා නීත්‍යනුකූල නොවන නඩු තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තහවුරු කළා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මේ සම්බන්ධයෙන් ගොනු කළ අභියාචනය යළි කැඳ වූ අවස්ථාවේදී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනුකළ අභියාචනය ඊයේ (14) විභාගයට ගැනුණේ 5 වැනි දිනටයි.

ඒ, අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

මහාධිකරණ නඩු විභාගයේ සාක්ෂි ගණනාවකින් දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව තහවුරු කළද එය අදාළ නොවන බවට තීන්දුවෙන් ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළා.

එහිදී ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ දුමින්ද සිල්වා මහතාගේ හිස ඉදිරිපසට වෙඩි වැදුණු බවට අධිකරණ වෛද්‍ය වාර්තාව මගින්ද සනාථ කර ඇති බවයි.

මෙහිදී ජනාධිපති නීතිඥවරයා 12 වන විත්තිකරු විත්තිකූඩුවේ සිට මහාධිකරණයේදී කළ ප්‍රකාශයක් උපුටා දැක්වුවා.

වෙඩි තැබූ බවට පිළිගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට ප්‍රකාශ කළද එය සිදුනොකළ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව 12 වන විත්තිකරු ලෙස නම්කර චෝදනා ගොනුකළ බව එහි සදහන්.

ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ එම ප්‍රකාශය විශ්වාසනීයත්වයෙන් යුත් ප්‍රකාශයක් බවට නඩු තීන්දුවේම පිළිගෙන තිබුණද, නඩු විභාගයකදී ඉතාමත් වැදගත් ලෙස සලකන විත්තිකූඩුවේ සිට ලබා දුන් එම  විශේෂ ප්‍රකාශය නිසි ලෙස විශ්ලේෂණය කිරීමට තීන්දුවේදී කටයුතු කර නොමැති බවයි.

චෝදනා පත්‍රයේ නොමැති කරුණු සඳහා දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කිරීමට කටයුතු කර ඇති බව පෙන්වාදුන් ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ එය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන බවයි.

සිද්ධියේදී දෙපාර්ශ්වය අහම්බයෙන් හමුවීම තුළ කිසිදු පොදු අරමුණක් නොතිබූ බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා මෙහිදී ඔප්පු කළා.

ඊට අමතරව ජනාධිපති නීතීඥවරුන් නඩු තීන්දුවේ ඇති තවත් අඩුපාඩු රැසක් නැවතත් ඊයේ (14) පෙන්වා දුන්නා.

• කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම පිළිගෙන තිබීම.

• ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු නඩු තීන්දුවක් සකස් නොකිරීම නිසා මහාධිකරණය ලබාදුන් තීන්දුව නීත්‍යනුකූල නොවීම.

• සාක්ෂි හෝ කරුණු මත නොව, දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම සහ අනුමාන හෝ උපකල්පන මත පදනම් වී තීන්දුව  ලබාදීම.

• දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා සැලකිල්ලට නොගැනීම පිළිබඳව නඩු තීන්දුවේදී හේතු දැක්වීමක් සිදු නොකිරීම.

• ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් තීන්දුව ලබාදීම.

• ගිනි අවි භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූවද ඒ සඳහා දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම.

• දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හැරීම. ඒ අතරවනවා.

ඊයේ දිනයේදී සිය දේශන අවසන් කරමින් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා නැවතත් ප්‍රකාශ කළේ අඩුපාඩු රැසක් ඇති නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරුවෙක් කළේ මන්දැයි සොයාගත නොහැකි බවයි.

අභියාචනයේ වැඩිදුර විභාගය එළඹෙන 18 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  38 Downloads

Thatu Salala Akase - Aieshwarya Wijewardhena
Thatu Salala Akase
Aieshwarya Wijewardhena
⤵  411 Downloads

Oba Enna - Peshala Rasanganee & Saman Welagedara
Oba Enna
Peshala Rasanganee & Saman Welagedara
⤵  166 Downloads

Nuba Sanda Wagemai - Mithila Ilesinghe
Nuba Sanda Wagemai
Mithila Ilesinghe
⤵  402 Downloads

Hitha Gaawa - Indika Kuruppuarachchi
Hitha Gaawa
Indika Kuruppuarachchi
⤵  729 Downloads

Awasan Mohothai (Sudu Manika) - Samith Nadeeshan Godage
Awasan Mohothai (Sudu Manika)
Samith Nadeeshan Godage
⤵  4,947 Downloads

Mal Thuhinaye - Roony
Mal Thuhinaye
Roony
⤵  480 Downloads

Ma Layata Lan Wee - Prasanga Thisera & Shashika Nisansala
Ma Layata Lan Wee
Prasanga Thisera & Shashika Nisansala
⤵  791 Downloads

Hithuwakkari - Malon Jerom
Hithuwakkari
Malon Jerom
⤵  587 Downloads

Mata Watahuna - Anushka Madushanka
Mata Watahuna
Anushka Madushanka
⤵  478 Downloads



Top 10 Commenters

Latest Comments

Top