ශර්මි කුමාර් කියන්නේ අපේ රටේ සිටින නිරූපිකාවන් අතර දැඩි කතාබහට ලක්වූ තැනැත්තියක්. ඇය රංගනයෙන් දායක තහනම් වූ චිත්‍රපටයක් ගැනත් පසුගිය දිනවල රාවයක් පැතිරුනා.
ඒ විතරක් නෙමෙයි පසු ගිය දවස් වල පිහිනුම් තාටකයක සිට උඩුකය නිරුවත්ව ලයිව් ඇවිත් ශර්මි කුමාර් අන්තර්ජාලය කළඹමින් වීඩියෝවක්ද නිකුත් කර තිබුණා.
කෙසේ වෙතත් ඇය පිළිබඳව මේ දිනවල ඊටත් වඩා ලොකු පුවතක් සමාජ මාධ්‍ය පුරා පැතිරෙන්න පටන්ගෙන තිබෙනවා.
ඒ ඊයේ දිනයේ හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිකුත් වූ මරණ පෝස්ටර්යක්ද සමාජ මාධ්‍ය පුරා පැතිරෙනවා.
කොහොම වුණත් මේ සම්බන්ධයෙන් ඇගේ ලඟම හිතවතුන් පවසන්නේ මෙය අසත්‍ය පුවතක් බවයි. සමහරු පවසන්නේ මෙය බොරුවට නිර්මාණය කළ පෝස්ටරයක් යනුවෙනුයි.
මේ අතර ඇය ඊයේ දිනයේ රාත්‍රීයේ සමාජ ශාලාවක සිට මුහුණු පොත හරහා මිතුරන් සමග සජීවීව එක්ව තිබෙනවා.
එම සජීවී විඩියෝව අවසානයේ ඇය පවසන්නේ එය අවසාන සජීවි විඩියෝව සහ ජීවිතයේ අවසානය බවයි.