අවසන් වටයට පිවිසීම හීනයක්ද?
ගියවර ශූරයන් දරුණු පසුබැසීමක
ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියට අදාලව ඊයේ පැවති තරඟයකින් රාජස්ථාන් රෝයල් කණ්ඩායම ජය ගැනීමට සමත් වුනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්.
මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු 06 ක් බිද වැටී ලකුණු 168ක් ලබා ගත්තා. එවින් ලුවිස් ලකුණු 60යි. හාර්දික් පාන්ඩියා ලකණු 36ක් සහ සුරියකුමාර් යාදව් ලකුණු 38ක් රැස්කළා. පන්දු යැවීමේදී ආර්චර් සහ ස්ටොක්ස් කඩුළු දෙක බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ රාජස්ථාන් පිල පන්දුවාර 18ක් අවසානයේ පහසුවෙන් ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 03 ක් පමණක් දැවී තිබියදියි.
රාජස්ථාන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජෝෂ් බට්ලර් සිය වගකීම මැනවින් ඉටුකරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා. පන්දු 53කට මුහුණ දෙමින් හයේ පහර 05ක් සහ හතරේ පහර 09ක් සමඟින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 94ක්.
මුම්බායි පිළේ මෙම පරාජයත් ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ සිට හයවන ස්ථානය දක්වා පහළ බැසීමට ඔවුන්ට සිදුව ඇති අතර රාජස්ථාන් පිළ මේ වන විට එම සටහනේ 5 වන ස්ථානයට පැමිණ තිබෙනවා.
මේ අනුව මුම්බායි පිලට තරඟාවලියේ අවසන් වටයට පිවිසීම අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති අතර සියලු කණ්ඩායම් සඳහා තවත් ඉතිරිව ඇත්තේ තරඟ දෙකක් පමණයි.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්..