Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
09
දුමින්දට වුනේ අසාධාරණයක් - තීන්දුවේ අඩුපාඩු රැසක් - වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවක් - Video

- දුමින්දට වුනේ අසාධාරණයක් - තීන්දුවේ අඩුපාඩු රැසක් - වරදකරු කිරීමේ චේතනාවෙන් දුන් තීන්දුවක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57,930 Views
සටහන් කළ සාක්ෂි පරස්පරතා රැසක් සැලකිල්ලට ගෙන නැහැ
නිදොස්කොට නිදහස් කරන්නැයි නීතිඥයින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥවරුන් ඊයේ (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා.

ඒ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නේ අදාළ තීන්දුව දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීමේ චේතනාවෙන්ම ලබා දුන් නඩු තීන්දුවක් බවත් එහි  අඩුපාඩු රැසක් ද ඇති බවත්ය.
 
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් ගොනු කළ අභියාචනය පළමුවරට විභාගයට ගැනුණේ මාර්තු 27 වැනිදායි.

ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
 
එහිදී කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා සඳහන් කළේ කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.

එම නඩු තීන්දුව එක් විනිසුරුවරියක් සකස් කර ඇත්තේ දුමින්ද සිල්වා මහතා වැරදිකරු කිරීමේ චේතනාවෙන් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.
 
ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරයාගේ මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
 
අනෙක් චෝදනා සම්බන්ධයෙන්ද අදාළ නොවන සාක්ෂි ඉදිරිපත් වූ බව ප්‍රකාශ කළ ජනාධිපති නීතීඥවරයා පැවසුවේ එම සාක්ෂිවල පරස්පරතා හා ඌණතා 62 ක් නඩු විභාගයේදී සලකුණු කළ බවයි.
 
තීන්දුව ලබාදීමේදී ඒවා සැලකිල්ලට ගෙන එහි වාසිය දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වයට ලබාදිය යුතු බවත් එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පැවසුවා.
 
ඊට අමතරව ජනාධිපති නීතීඥවරයා තර්කානුකූලව ඔප්පු කළේ දුමින්ද සිල්වා මහතා වරදකරු කිරීම සඳහා ව්‍යාජ සිද්ධි නිර්මාණය කර ඇති බවයි.
 
ඊට අමතරව දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදුණු සිද්ධිය භාරත ලක්ෂ්මන් පාර්ශ්වය විසින් ආරම්භ කර තිබුණද තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
 
ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ  සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.
 
ඔහු පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.

එම නිසා නීතියට පටහැනිව දඩුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය ඊයේ (08) යළිත් විභාගයට ගැනුණේ තුන්වන දිනටයි.
 
එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ද සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුව නීත්‍යනුකූල නොවන බවයි.

එහි අඩුපාඩු කරුණු 10 ක් ඔස්සේ පෙන්වා දුන් ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ සාක්ෂි හෝ කරුණු මත නොවල දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබාදී ඇති බවයි.

නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා.

ඔහු පැවසුවේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා නඩු විභාගයේදී ලකුණු කළ බවයි.
 
කෙසේ වෙතත් ඒවා සැලකිල්ලට නොගැනීම පිළිබඳව හේතු නොදක්වා ඒක පාර්ශ්වික නඩු තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ මහාධිකරණයේ සාක්ෂි සටහන් උපුටා දක්වමින්.

ඔහු පැවසුවේ ගිනි අවියක් ළඟ තබාගැනීමේ වරදටද මහාධිකරණය දඬුවම් ලබාදුන්නද ඒ සඳහා කිසිඳු සාක්ෂියක් නොමැති බවයි.
 
එම නිසා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු අදාළ වරදට දඬුවම් දිය නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් කර ඇති බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා.
 
ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ මහාධිකරණ නඩු විභාගය සඳහා අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළේ එක් එක් විනිසුරුවරයාගේ විනිශ්චය දැනගැනීමේ අරමුණින් වුවත් ඊට අනුගත නොවී විනිසුරුවරුන් කටයුතු කර ඇති බවයි.
 
එමනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරුකළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඔප්පු කළා.

අභියාචනය වැඩිදුර විභාගය හෙට දිනයේදී යලි කැඳවීමට නියමිතයි.

Make a Comment
Make a Comment






Recent Gossip Post




Sanda Sinasenawa - Lesly Thomas
Sanda Sinasenawa
Lesly Thomas
⤵  74 Downloads

Sakkarawattama - Eranda Prabath ft Crack Mrks
Sakkarawattama
Eranda Prabath ft Crack Mrks
⤵  1,339 Downloads

Ahasai Amma - Kelum Induwara
Ahasai Amma
Kelum Induwara
⤵  2,236 Downloads

Aulak Nane - Nalin Wijayasinghe
Aulak Nane
Nalin Wijayasinghe
⤵  4,001 Downloads

Ananga Bambara - Sisila Ravinath
Ananga Bambara
Sisila Ravinath
⤵  1,994 Downloads

Warada Piligannawa - Sandun Perera
Warada Piligannawa
Sandun Perera
⤵  47,562 Downloads

Sadaye - Mithila Lankage
Sadaye
Mithila Lankage
⤵  1,174 Downloads

Paniwidaya - Rukman Asitha
Paniwidaya
Rukman Asitha
⤵  10,618 Downloads

Mahamerak - Uditha Rangana
Mahamerak
Uditha Rangana
⤵  1,628 Downloads

Adarei Thaththa - Sandun Madushanka
Adarei Thaththa
Sandun Madushanka
⤵  1,639 Downloads



Top 10 Commenters

Latest Comments

Top