Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
24
2015 අයවැය යෝජනා මෙන්න

- 2015 අයවැය යෝජනා මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
ඒක පුද්ගල ආදායම ඩොලර් 7500 දක්වා වැඩිකරනවා

ජල බිලත් අඩුවෙයි

කිරිපිටි කිලෝව රු.100කින් අඩුකිරීමටත්  කිරි ලීටරය රු.60ට වැඩිකිරීමටත් යෝජනා

විදේශ රැකියාවල නියුතු අයටත් ඇඟළුම් සේවකයින්ටත් විශ්‍රාම වැටුප්

පොලීසියේ තුන්වැනි දරුවාටත් ලක්ෂයක්

මූලික වැටුපට එක්කරමින් රාජ්‍ය සේවකයින්ට රු. 2200 දීමනාවක්

ජනාධිපති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා අද (24) දින පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනාවලිය ඉදිරිපත් කලා. එහි සාරංශයක් පහතින්...


ඒක පුද්ගල ආදායම ඩොලර් 7500 දක්වා වැඩිකරනවා - කැසිනෝ වලටත් බද්දක්
2015 වන විට අමෙරිකන් ඩොලර් 4000ක් වන ඒක පුද්ගල ආදායම වසර 2020දී ඩොලර් 7500 දක්වා වැඩි කරමින් ඉහළමැදි ආදායම් ලබන රටක් බවට ශ්‍රී ලංකාව පත්කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

එසේම කැසිනෝ ශාලා සඳහා ඇතුළුවීමේදී ඩොලර් 100ක බද්දක් අය කිරීමටත්, වාහන සඳහා විශේෂ බද්දක් හඳුන්වාදීමටත් ජනපති යෝජනා කරයි.  2015 අය වැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජල බිලත් අඩුවෙයි
නිවාසවලට සැපයෙන මුල් ජල ඒකක 25 සඳහා අය කරන මුදල 10% කින් අඩු කරන බව ජනපති මහින්ද රාජපපක්ෂ කියයි.

වී සහතික මිල රු. 30සිට 40 දක්වා වැඩිවේ.
වී කිලෝවක මිල රුපියල් 34 සිට 40 දක්වා වැඩි කිරීමටද අස්වනු නෙළන කාලයේදී අල, ලුණු හා මිරිස් සඳහා සහතික මිලක් ලබාදීමටද ජනපතිතුමා යෝජනා කලා.
රුපියල් 350 පොහොර සහනාධාරය තවදුරටත් ලබාදීමටත් යොජනා වුනා.


 කිරිපිටි කිලෝව රු.100කින් අඩුකිරීමටත්  කිරි ලීටරය රු.60ට වැඩිකිරීමටත් යෝජනා
දේශීය දියර කිරි ලීටරයක සහතික මිල රුපියල් 60 දක්වා වැඩිකර දේශීය කිරිපිටි කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමටත්, දේශීය යෝගට් මිල රුපියල් 3කින් අඩුකරන්නත්, යෝජනා කරන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා.


ආයුර්වේද වෙදුන්ට 5000ක දීමනාවක් හා පෙරපාසල් ගුරුවරුන්ට 2500ක දීමනාවක්
පෙර පාසල් ගුරුවරුන් රුපියල් 2500ක දීමනාවක්ද ආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 5000 ක දීමනාවක් දීමටද ජනපතිතුමා යෝජනා කලා.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට 4000 දක්වා වැඩි කිරීමටත් ශිෂ්‍යත්ව සමතුන් සඳහා මසකට ලබාදෙන රුපියල් 500 රුපියල් 1500 දක්වා වැඩි කිරීමට ද ඒ අනූව එය වසරකට රුපියල් 15,000 සිට 25,000 දක්වා වැඩි කිරීමට ජනපතිතුමා යෝජනා කලා.


විදේශ රැකියාවල නියුතු අයටත් ඇඟළුම් සේවකයින්ටත් විශ්‍රාම වැටුප්
ඇඟළුම් කර්මාන්ත සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කළ යුතු යැයි 2015 අය වැයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරයි. විදේශ රැකියාවල සිටින අයටත් ගොවි විශ්‍රාම වැටුපට සමාන විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතු බවත් ජනාධිපතතුමා පැවසුවා.

ලංකාවේ සැමට වෛද්‍ය පරීක්ෂණයක්
රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් මෙරට සෑම පුරවැසියෙකුටම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා වෙන් කිරීමට යෝජනා කරන බවටත් ජනාධිපතිතුමා ප්‍රකාශ කලා.


වැඩිහිටි දීමනාව 2000 දක්වා ඉහල දැමෙයි
වැඩිහිටි දීමනාව රුපියල් 1000 සිට රුපියල් 2000 දක්වා වැඩි කිරීමට 2015 අයවැයෙන් ජනාධිපතිතුමා යෝජනාකලා.


රු 1000කින් රණවිරු මව්පියන්ගේ දීමනාවත්  වැඩිවෙයි
රණවිරුවන්ගේ මව්පියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ද එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමටද යෝජනා කලා.

පොලීසියේ තුන්වැනි දරුවාටත් ලක්ෂයක්
ත්‍රිවිධ හමුදාවල සාමාජිකයින්ගේ පවුල් වල තුන්වන දරු උපත වෙනුවෙන් මේවන විට වසර 3ක සිට ලබාදෙන රුපියල් ලක්ෂයේ දීමනාව ‍ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය මණ්ඩලයට ද ලබාදීමට 2015 අය වැයෙන් ජනාධිපතිතුමා යෝජනා කලා.


මූලික වැටුපට එක්කරමින් රාජ්‍ය සේවකයින්ට රු. 2200 දීමනාවක්
රාජ්‍ය‍ සේවකයකුගේ අවම මාසික වැටුප රුපියල් 15,000 දක්වා වැඩි කිරීම හා දැනට ලබාදෙන දීමනා වර්තමාන මූලික වැටුපට එකතුකිරීමටත් යෝජනා කරන බව ජනාධිපතිතුමා යෝජනා කලා. තවද ජීවන වියදම් දීමනාවද රුපියල් 2200කින් වැඩි කර එය රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට යෝජනා කලා.
ඒ අනුව ඉහත සියලුම දීමනා සහිතව රාජ්‍ය සේවකයෙකුගේ මුලු වැටුප රුපියල් 25000 දක්වා ඉහළ දැමීමටද යෝජනා වුනා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top