මේවන විට සියලුම දෙනාගේ අවධානය තවත් දින දෙකකටත් අඩු කාලයකදී පැවැත්වීමට නියමිත හෙළ සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය හෙවත් Hiru Golden Film Awards වෙත යොමුව අවසන්.
අන්තර් ජාලය හරහා Hiru Golden Film Awards සම්මාන රාත්‍රීය වෙනුවෙන් නිකුත් කර ඇති අවසර පත් මුදලට විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වනවා.
සංවිධායක මණ්ඩලය පවසන්නේ කිසිඳු අවස්ථාවක Hiru Golden Film Awards සදහා මුදලට අවසර පත් විකිණීම සිදු නොකරන බවයි. විකිණීමට ඇත්නම් ඒවා සියල්ල ව්‍යාජ ටිකට් පත් පමණයි. හිරු සී.අයි.ඒ. කණ්ඩායම ව්‍යාජ අවසර පත් ජාවාරම්කරුවෙකු මෙලෙස සොයා ගත්තා.
Hiru Golden Film Awards ව්‍යාජලෙස අලෙවි කරණු ලබන්නේ අන්තර් ජාලයේ නොමිළේ දැන්වීම් පළ කරන වෙබ් අඩවියකයි. ඔවුන් Hiru Golden Film Awards අවසර පත් රුපියල් 10,000කට විකිණීමට ඇති බවට දැන්වීම් පළ කර ඇති අතර ඊමේල් පණිවිඩයක් හරහා හිරු CIA කණ්ඩායම එම ව්‍යාජ අවසර පත් මුදලට විකුණන පුද්ගලයා මෙලෙස දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තා.
ඔහු පැවසූ ආකාරයට කොටුව ටෙලිකොම් කාර්යාලය අසළට මෙලෙස ව්‍යාජ අවසර පත් රැගෙන ජාවාරම්කරු පැමිණියා. මේ අයුරින් කිසිඳු පුද්ගලයෙකුට Hiru Golden Film Awards හි ඇතුළුවීමේ අවසර පත් මුදලට විකිණිය නොහැකියි.
සම්මාන උළෙල සඳහා ඇති අධික උනන්දුව හේතුවෙන් අන්තර්ජාලය හරහා ජාවාරම්කරුවන් ව්‍යාජ අවසර පත් මුද්‍රණය කර මෙම ජාවාරම සිදුකරන බවටයි තොරතුරු ලැබී ඇත්තේ. මෙවැනි ව්‍යාජ අවසර පත් හරහා කිසිඳු අවස්ථාවක Hiru Golden Film Awards සම්මාන රාත්‍රීය නැරඹීමට අවස්ථාවක් හිමිවන්නේ නැහැ. අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරම්කරුවන්ට හසුවී ඔබගේ වටිනා මුදල් අහිමි කර නොගන්නා ලෙසයි.
එම වීඩියෝව පහතින්...