බියර්වලට කැමති අයට බොන්න විතරක් නෙවෙයි මේ වෙනකොට නාන්නත් තැනක් ඔස්ට්‍රියාවේ ස්ටාර්කන්බර්ග් මාලිගාවේ හදලා තියෙනවා. මේක වසර ගණනත් පරණ ස්කාගාරයක් කියලා තමයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.
බියර් පිරුණු තටාක 07ක් මෙහි අන්තර්ගතවන අතර අඩි 13 ක් දිග උණසුම් බියර් වලින් මේවා පුරාවා ඇත. බියර් පයින්ට් 42,000 ක් පමණ මෙහි එක් තටාකයක ඇති අතර ස්ටාර්කන්බර්ග් මාලිගාව වසර 700 ක් පමණ පැරණි ස්ථානයක් බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ.
මෙම පැරණි මාලිගය විනාශවී යමින් සිටිය නිසා මොවුන් එය මුලින්ම ස්පා එකක් බවට පත්කර ඇති අතර මෙම උණසුම් බියර් තටාකයේ ස්නානය කරන අතර තුරු සීතල බියර් පානය කිරීම සඳහා ඇණවුම් කලහැකිය. කෙසේ නමුත් මෙය අතීතයේ පටන් පවත්වාගෙන ගොස් ඇත්තේ කාන්තාවන් විසින් වන අතර දැනටත් එය ක්‍රියාත්මක කරන්නේ කාන්තාවන් විසිනි.