ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්ක්‍රෝන් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳ නව සම්මුතිකයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.
මේ පිළිබද සාකච්ඡා පැවැත්වුණේ ප්‍රංශ ජනාධිපතිවරයා රාජ්‍ය සංචාරයක් සදහා ඇමරිකාවට පැමිණි අවස්ථාවෙයි.
ට්‍රම්ප් - මැක්ක්‍රෝන් හමුවේ සිදුවූ විශේෂ සිදුවීම් කිහිපයකට ද විදෙස් මාධ්‍යයන්ගේ අවධානය යොමුවුණා.
ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්ක්‍රෝන්ගේ කබාය පිසදමන ආකාරයයි.
ඒ අවස්ථාව් ට්‍රම්ප් මැක්ක්‍රෝන් වෙත ප්‍රකාශ කළේ මෙවැන්නක්.
"අපි අතරේ ඉතා විශේෂ සම්බන්ධතාවයක් තිබෙනවා. මම මේ කබාය උඩ වැටිලා තියෙන ඉස්හොරි ඉවත් කරන්නම්. ඔබ ඉතාමත් පරිපූර්ණ ලෙස පෙනෙන්නට අවශ්‍යයි. මම ඔහුට ගොඩක් කැමතියි. "