කඩුළු රකින දෝනි හතරේ සීමාවේ පන්දු රකී
නොතිබූ ජයග්‍රහණයක් ගෙනා දෝනි චෙන්නායි පිල අංක එකේ තබයි
IPL තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් කඩුළු 5ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමත්වුනේ විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පරාජය කරමින්.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 205ක්. ඒ.බී. ඩි විලියර්ස් ලකුණු 68ක් රැස්කළේ පන්දු 30කදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4 කදී කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. එහිදී නොතිබූ ජයග්‍රහණයක් කරා චෙන්නායි කණ්ඩායම රැගෙන ගියේ අම්බති රයුදු සහ නායක මහේන්ද්‍ර සිං දෝනි.
අනුකම්පා විරහිත පිතිකරණයක නිරත වූ දෝනි පන්දු 34කදී නොදැවී ලකුණු 70ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 7ක් සහ හතරේ පහරක් සමගින්. අම්බති රයුදු ලකුණු ලකුණු 82ක් රැස්කලා. තරඟයේ වීරයා සම්මානය දිනාගත්තේ මහේන්ද්‍ර සිං දෝනි.
මේ අතර චෙන්නායි කඩුළු රකින්නා වන දෝනි සිය කඩුලු රැකීමේ ස්ථානය අමතක කරමින් උඩපන්දුවක් පසුපස හතරේ සීමාව වෙත දිවගොස් පන්දු රැකීම සිදුවීමක් වෙත ඊයේ කාගේත් අවධානය යොමු වුනා. මේ ජයග්‍රහණයත් සමග IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමත්වුණා.
ළු තරඟයේ විශේෂ අවස්ථා කිහිපයක් පහතින්,