එක්සත් ජාතික පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට එහි ප්‍රතිසංවිධාන කටයුතු සදහා පත්කළ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදි රැස්වුණා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී එජාප දේශපාලන මණ්ඩලය නම් කළ තනතුරු වන්නේ නියෝජ්‍ය නායකවරයා වශයෙන් සජිත් ප්‍රේමදාසත් උප නායකවරයා වශයෙන් රවී කරුණානායකයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා නම්කල සාමාජිකයන් පහතින් දැක්වේ.
පක්ෂයේ මහලේකම් ධුරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කෙරුනා.
සභාපති ධුරයට පත්කර ඇත්තේ අමාත්‍ය කබීර් හෂිම්.
ජාතික සංවිධායක ධුරයට නවීන් දිසානායක පත්කර තිබෙනවා.
ඒ අනුව මෙහිදී ගනු ලබන අවසන් තීරණ හෙට උදෑසන සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිතයි.