ශ්‍රී ලංකාවට පළමු තරඟය නවසීලන්තයට එරෙහිව
මුලික වටයෙන් පසු අවසන් පුර්ව වටයට
2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ කාලසටහන සකස් කිරීම අද(25) අවසන් වුනා. ඒ මේ දිනවල ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැසිවාරයකදී.
මෙවර ලෝක කුසලානයට එක්වන කණ්ඩායම් 10ම මුලික වටයේදී ලීග් ක්‍රමයට තරග වැදීමට නියමිතයි. ඒ අනුව සෑම කණ්ඩායමක්ම මුලික වටයේදී අනෙක් කණ්ඩායම් මුණ ගැසෙන අතර මුලික වටයේදී එක් කණ්ඩායමකට තරඟ 9ක් හිමි වනවා. මුලික වටයෙන් පසු හොදම කණ්ඩායම් 4 අවසන් පුර්ව වටයට එක්වීමට නියමිතයි.
මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරඟය ලබන වසරේ ජුනි පළමුවෙනිදා වේල්සයේ කාර්ඩිෆ්හිදී පැවැත්වීමට නියමිතයි. මැයි මස 30 වෙනිදා ආරම්භවන ලෝක කුසලානය ජුලි මස 14වෙනිදා ලෝර්ඩ්ස් පිටියේදී නිමාවීමට නියමිතයි.