හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට අද (25) පස්වරුවේ අනුරාධපුරයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතාගේ නිවසට පැමිණ තිබෙනවා.
ඒ ලාල්කාන්ත මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන්ට අවසන් ගෞරව දැක්වීම පිණිසයි.
එම අවස්ථාවට එස්.එම්. චන්ද්‍රසේන, ලොහාන් රත්වත්තේ, ෂෙහාන් සේමසිංහ, එස්.සී. මුතුකුමාරණ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, උතුරු මැද හිටපු මහ ඇමති එස්.එම්. රන්ජිත්, මහාචාර්ය චන්න ජයසුමන සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු රැසක් ද සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ලාල් කාන්ත මහතා සමඟ පැය භාගයකට ආසන්න වෙලාවක් මහින්ද රාජපක්ෂ මහතා සුහද කතා බහක ද නිරත වී තිබෙනවා.