IPL තරඟාවලියේදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම දිගින් දිගටම පරාජයන් පෙළකට මුහුණදීම නිසා දිල්ලි කණ්ඩායමේ නායක ගෞතම් ගාම්භීර් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
සිය ඉවත්වීම ප්‍රකශ කරමින් ගාම්භීර් පැවසුවේ කණ්ඩායමට සිය දායකත්වය ලබාදීමට නොහැකිවීම නිසා මේ තීරණය ගත් බවයි.
මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි යොවුන් ක්‍රීඩක ශ්‍රේයාස් අයියර් දිල්ලි නායකයා ලෙස නම් කරන්නට එම කණ්ඩායමේ කළමණාකාරීත්වය තීරණය කර තිබෙනවා.