වයස අවුරුදු 06 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 40 හැවිරිදි අයෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට පත්ව ඇති සැකකරු 45 හැවිරිදි අයෙක්.
පල්ලම - නාගවිල ප්‍රදේශයේ පදිංචි ඔහු අවිවාහකයෙකු බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
සැකකරු අතවරයට පත්ව ඇති දරුවාගේ පියාගේ වැඩිමහල් සහෝදරයාද වනවා.
දරුවා පාසලට රැගෙන යාම සහ ආපසු නිවසට කැදවාගෙන ඒම සැකකරු සිදු කර ඇති අතර ඉකුත් 23 වැනිදා ද එසේ දරුවා නිවසට කැඳවාගෙන පැමිණි විට නිවසේ කිසිවෙකුත් හිඳ නොමැති අතර ඒ අවස්ථාවේ සැකකරු විසින් දරුවා ලිංගික අපයෝජනයට යොදා ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු එදිනම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පල්ලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.