Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
25
"ධනවත් පවුලක දරුවන් බලාගැනීමේ රැකියාවට ගියා.." - රේඩියම් සොයා ගෙන වෛද්‍ය විද්‍යාව උඩු යටිකුරු කළ මාරි කියුරිගේ කතාව

- "ධනවත් පවුලක දරුවන් බලාගැනීමේ රැකියාවට ගියා.." - රේඩියම් සොයා ගෙන වෛද්‍ය විද්‍යාව උඩු යටිකුරු කළ මාරි කියුරිගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72 Views
"රැජිණ දුන් පවුම් කෝටි ගණන ප්‍රතික්ෂේප කළා.."

"එක්ස්රේ යන්ත්‍රයක්ද රැගෙන අනාථ කඳවුරු බලා ගියා.."

ඇගේ නම මාරි ක්ලෝඩවිස්කිය. මාරියෝ නිජ භූමිය පෝලන්තයේ වොර්සෝ නගරයයි. ඇගේ පියා විලැඩිස්ලේවි ක්ලෝඩවිස්කි. වොර්සෝ මහා විද්‍යාලයේ භෞතික විද්‍යා ගුරුවරයා විය. කුඩා කලදීම මව මියගියෙන් මාරි සහ ඇගේ අක්කලා දෙදෙනා හදාවඩා ගනු ලැබුවේ පියා විසිනි.

මේ කාලයේ පෝලන්තය රුසියාවේ යටත්විජිතයකි. රාජ්‍ය භාෂාව රුසියන් භාෂාව වූ අතර පෝලන්ත බස ඉගැන්වීම සපුරා තහනම් විය. මාරිගේ පියා තම මවු රටට ආදරය කළ බැවින්, පාසලේදී හොර රහසේ පෝලන්ත බසද සිසුන්ට ඉගැන්වීය. රුසියන් බලධාරීන්ට මෙය අසුවීමෙන් ඔහුට රැකියාව අහිමි විය. එතැන් සිට පෞද්ගලික ඉගැන්වීම්වලින් ලබාගත් සුළු මුදලකින් දරුවන් ජීවත් කරවීමට ඔහුට සිදුවිය. බාල දරුවන් බලාගත් ලොකු දුව 'සොයායා' ද හදිසි රෝගයකින් මිය ගියාය.

ක්ලෝඩවිස්කි ගුරුතුමාගේ දූවරු ඉගෙනීමට අති දක්ෂයෝ වූහ. මාරිගේ අක්කා බේ‍රාන්යා උසස් පෙළ සමත්ව රටේ දක්ෂතම ශිෂ්‍යාවට ලැබෙන රන් පදක්කම දිනා ගනිමින්, ප්‍රංශයේ සෝබෝන් සරසවියට තේරුණු නමුත්, මුදල් හිඟකම නිසා ඇයට ගෙදර නවතින්නට සිදුවූවාය. 1883දී මාරිද උසස් පෙළ ඉහළින්ම සමත්ව රන් පදක්කම දිනා ගත්තාය. එහෙත් තම ඉගෙනීම අක්කා වෙනුවෙන් කැප කළ ඇය, අක්කාට සෝබෝන් යන්නට සලස්වා, ධනවත් පවුලක දරුවන් බලාගැනීමේ රැකියාවට ගියාය. තමාට ලැබුණු පවුම් 50ක පඩියෙන් වැඩි කොටසක් ඇය බේ‍රාන්යාට යැව්වාය.

කාලය සෙමෙන් ගෙවී ගියේය. අවසානයේදී බේ‍රාන්යාගෙන් ලද ලිපියකින් ඇය ප්‍රීතියෙන් ඔදවැඩී ගියාය. 'නංගී, මම වෛද්‍ය උපාධිය ඉහළින්ම පාස් වුණා. ඔයා තවත් දුක් විඳින්න එපා. මෙහේ ඇවිත් සෝබෝන් එකට ඇතුළු වෙලා උපාධිය කරන්න. මම ළඟදීම මෙහේ කෙනෙක් එක්ක විවාහ වෙනවා. ඔයා ආවම මගේ ගෙදර නවතින්නත් පුළුවන්.'

ඒ අනුව මාරි ප්‍රංශයට පැමිණ සෝබෝන් සරසවියේ විද්‍යා අංශයට ඇතුළු වූවාය. එහෙත් ඇය පියා අතහැර ගියේ ශෝකයෙනි. අක්කාගේ ගෙදර ටික කලක් නැවතී සිටි නමුත්, ගමනේ දුර නිසාත්, පුස්තකාල සහ රසායනාගාර ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය නිසාත්, සරසවිය කිට්ටුව කුඩා කාමරයක් කුලියට ගත්තාය. ඉගෙනීම වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු ඇය සිවු වසරක් අවසානයේ 1883 ජුනි මාසයේදී භෞතික විද්‍යාවට පළමු පෙළ සාමාර්ථයක් ලැබුවාය. ඉන්පසු ඇය පෝලන්තයට දිව ගියේ තම පියා දැකගැනීමටයි. ටික දිනකින් ඇයට ප්‍රංශ රජයේ ජාතික කර්මාන්ත ආයතනයෙන් ආරාධිත ලිපියක් ලැබිණි.

ඒ අනුව මාරි එහි ගොස් වැඩ භාර ගත්තාය. එහි රසායනාගාර ප්‍රධානියා වූයේ 35 හැවිරිදි පියර් කියුරිය. ඇය ඔහු යටතේ පර්යේෂණ කාර්යයන්ට පිවිසුණාය. මේ සුරූපී, ගුණයහපත් තරුණියට ඇළුම් කළ පියර් කියුරි 1894දී ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේය. 1895 ජුනි 26 වැනිදා ඔවුන්ගේ විවාහය සිදුවූයේ ඉතා චාම් අන්දමිනි.

නැවැත සුපුරුදු රාජකාරියෙහි යෙදෙමින් මාරි තම ආචාර්ය උපාධිය සඳහාද සූදානම් වූවාය. එයින්ද පළමුවැනියා ලෙස සමත් වූ ඇය තම උපාධි නිබන්ධනය සඳහා තෝරා ගත්තේ කේ‍රා්මියම් නමැති විකිරණශීලී මූලද්‍රව්‍යයයි.

යුරේනියම් හෝ කේ‍රා්මියම්වලට වඩා ප්‍රබල වූ විකිරණ ක්‍රියාකාරිත්වයෙන් යුත් ද්‍රව්‍යයක් ලෝපස් අතර ඇති බව තරයේම විශ්වාස කළ ඇය එය සොයා ගැනීමට වෙහෙසුණාය. අමු ලෝහ උණුකර පෙරමින්, බින්දුවෙන් බින්දුව පරීක්ෂණයන්ට ලක්කර බලමින් බොහෝ සේ වෙහෙසුණු ඇය යුරේනියම් මෙන් 300 ගුණයකින් සක්‍රිය වූ පොලෝනියම් නම් ද්‍රව්‍යය සොයා ගත්තාය. තමා සොයා ගත් ද්‍රව්‍යයට පොලෝනියම් යන නම දුන්නේ ඇගේ මවු රට වන පෝලන්තයට ගරු කිරීමටයි.

ඉන්පසු පියර් කියුරිගේද සහාය ලබා තවත් පර්යේෂණ කිරීමෙන් ඔවුහු රේඩියම් සොයා ගත්හ. ඒ 1902දීය. රේඩියම් සොයා ගැනීම හේතුවෙන් කියුරි යුවළට නොබෙල් සම්මානය ලැබිණි. ඒ 1903 දීය.

මේ අතර වෛද්‍යවරුන්ගේ සහායෙන් සතුන්ගේ සිරුරුවලට රේඩියම් එන්නත් කර පරීක්ෂා කිරීමේ අවස්ථාව මාරිට ලැබිණි. ශරීර අභ්‍යන්තරයේ පවත්නා යම් යම් රෝගාබාධවලට රේඩියම් මඟින් ලබාදිය හැකි යහපත් ප්‍රතිඵල දැක ඇය සතුටු කඳුළු හෙළුවාය.

ඉතිහාසයේ පළමු වරට විශ්වවිද්‍යාලයක මහාචාර්ය ධුරයට පත් වූ කාන්තාව වෙමින් මාරි කියුරි ප්‍රංශයේ සෝබෝන් සරසවියට පත්වීම ලැබුවාය. පසු කලක පැරිස් රේඩියම් ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂවරිය වූයේද ඇයයි. වාර්තා පිට වාර්තා තබමින් ඇය දෙවරක්ම නොබෙල් සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. ඇයට උපහාර පිණිස ප්‍රංශ රජය, සේවයට අමතරව ප්‍රසාද දීමනාවක් ලෙසින් මාස්පතා ෆ්‍රෑන්ක් 40,000ක් ලබා දුන්නේය. ඇමෙරිකානු රජයෙන්ද මාරිට සම්මාන උපාධියක් ලැබිණි.

ඒ 1914 වසරයි. පළමු වැනි ලෝක යුද්ධයේ ගිනිදැල් ඇවිළිණි. යුද්ධය නිසා අවයව අහිමි වූ භටයෝත්, විකිරණ වායු ආශ්වාසයෙන් දරුණු ආබාධයන්ට ලක්වූ ජනතාවත් දස ලක්ෂ ගණන් වූහ. මේ ඔවුන්ට පිහිට විය යුතු අවස්ථාවයි. මාරි එක්ස්රේ යන්ත්‍රයක්ද රැගෙන අනාථ කඳවුරු බලා ගියාය. දහස් ගණන් රෝගීන්ගේ බිඳී ගිය අවයවවල ඡායාරූපද, විකිරණවලට ලක්වූවන්ගේ පෙණහලු, හදවත්, අතුණුබහන් පමණක් නොව හිස්කබල තුළ ඡායාරූප පවා ගෙනදෙමින් වෛද්‍යවරුන්ගේ රාජකාරියට මනා සහයෝගයක් දුන්නාය. ඒ මඟින් සිය දහස් ගණන් මිනිස් ජීවිත සුවපත් කර දුන්නාය.

මේ අතර ප්‍රංශ රජය ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය. 'යුද්ධය නිසා රටේ ආර්ථික තත්ත්වය කඩාවැටෙමින් පවතී. රට ගොඩ ගැනීම සඳහා ඔබට හැකි පමණින් මුදලින් හා රත්රන්වලින් ආධාර කරන්න.' යනුවෙනි. මාරි විවිධ රටවලින් තමාට තෑගි ලැබී තිබූ මුදල් සියල්ල එකතු කරගත්තාය. වෙනත් ධනවත් කතුන්ට මෙන් ඇයට රන් ආභරණ නම් තිබුණේ නැත. ඇය සතු වූයේ ඇගේ දක්ෂතාවන් මත දිනාගත් රන් පදක්කම් පමණි. ඇය මුදල් සහ රන් පදක්කම් රැගෙන ගොස් රාජ්‍ය භාණ්ඩාගාරයට භාර දුන්නාය. එම රන් පදක්කම්වල අමිල අගය දන්නා නිලධාරීහු ඒවා උණු නොකර, ආරක්ෂා කර තැබුවෝය.

1921දී මාරි තම දියණියන් දෙදෙනාද සමඟ ඇමෙරිකාවට ගියේ එම රජයෙන් ලැබූ ආරාධනාවක් පරිදිය. ඇය ධවල මන්දිරයට සැපත් වත්ම රැජනකට කරනු ලබන මහත් වූ ගරු සත්කාරයෙන් හා හරසරින් ඇයව පිළිගෙන ඇත. එමෙන්ම ඇගේ විද්‍යාත්මක සොයාගැනීම් මිලදී ගැනීමට පවුම් කෝටි ගණනක් ගෙවීමටද කැමැත්ත පළකොට ඇත. එහෙත් මාරි එය කාරුණිකව ප්‍රතික්ෂේප කළාය. තම ජීවිතයේ අරමුණ මුදල් රැස්කිරීම නොව, මුළුමහත් මානව වර්ගයාටම පොදුවේ සේවය කිරීම බව ඇය පවසා ඇත.

අසහාය බුද්ධියකින් මෙන්ම අති උතුම් මානුෂීය ගුණාංගයන්ගෙන්ද පිරිපුන් මේ ශේ‍ර්ෂ්ඨ විද්‍යාඥවරිය 1934දී එනම් වයස 67දී මෙලොවින් සමුගත්තේ විකිරණශීලී මූලද්‍රව්‍යයන් ආඝ්‍රාණයෙන් සෑදුණු ආබාධයක් හේතුවෙනි.

අජන්තා විතාන



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top