රත්නපුර - කොටකෙතන - ඕපාතවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටි කාන්තාවකගේ මළ සිරුර ඊයේ (22) පස්වරුවේ සොයා ගැණුනා. ඒ, කහවත්ත - කොටකෙතන ගෙඟ් පාවෙමින් තිබියදීයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොටකෙතන - ඕපාතවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජේ.තිලකරානි නැමැති කාන්තාවක්. ඊයේ පස්වරුවේ සිට තම බිරිඳ අතුරුදන්ව ඇති බවට ඇයගේ සැමියා විසින් කහවත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඊයේ පස්වරුවේ කහවත්ත නගරයට ගිය මෙම කාන්තාව යළි නිවසට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව ඇයගේ මුදල් පසුම්බිය නැතිවී ඇති බව පවසමින් යළි නිවසෙන් පිටව ගොස් ඇත්තේ ඊයේ පස්වරු 6.30 ට පමණ. ඉන් පසු ඇය යළි නිවසට නොපැමිණි බවයි ඇයගේ මව සඳහන් කළේ.
මෙය ඝාතනයක් බවට සැකකෙරෙන බවයි කහවත්ත පොලිසියේ ප්‍රකාශකයෙකු අපවෙත සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට එම කාන්තාවගේ අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කහවත්ත - කොටකෙතන ප්‍රදේශය පසුගිය කාලයේ වඩා කතාබහට ලක්වුණේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනයට ලක්වීම හේතුවෙන්. කෙසේ වෙතත්, එම සියලූම ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.