හැමෝම ආසයි තමන්ගේ උපන්දිනය දවස ලස්සනට සමරන්න යාළුවෝ එක්ක.
ඉතින් මේ දවස ලස්සන සැරසිලි යොදාගෙන සරසන්නේ ජීවිතේ සතුටුම දවස එදා නිසයි.නමුත් ඒ සතුටට එක් නිමේෂයකින් මහා විපතක් කළ උපන් දින සාදයක වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා.
මේ විඩියෝවේ දැක්වෙන අන්දමට මේ උපන්දින සාදය අලංකාර කිරීම සඳහා හීලියම් වායුව පුරවන ලද බැලුම් විශේෂයක් බාවිතා කර තිබෙනවා.
මේ සතුටු මොහොතේ කවුරුත් බලා සිටියදී උපන්දිනය සමරන තරුණිය විසින් උපන්දින කේක් ගෙඩිය මත තිබෙන ඉටිපන්දම් ඇය විසින් දැල්වනවා.
එම අවස්ථාවේ ඒ අසල තීබූ හීලියම් පුරවන ලද බැලුම් වලට ගිනි ඇවිලී පුපුරා යෑමක් සිදු වෙන ආකාරය අදාළ වීඩියෝවෙන් සටහන් වී තිබෙනවා.
උපන්දිනය සැමරූ තරුණියද මෙම අනතුර නිසා පිලිස්සී යන අතර සාදයට පැමිණි අනෙක් සියලු දෙනා අනතුරින් තුවාල ලබා තිබෙනවා.
එම අවස්ථාවේ අදාළ වීඩියෝව පහතින්.