"ශතීෂ් මාමත් හිටියනම්, කියන වචනේ නොකියූ, නොහිතුන දවසක් නෑ"
"උඹ වගේම අපිත් අපේ අවසන් ලියුම ලියනව..මිහිරැති වසන්ත කාලය අවසන් කරනවා"...
ප්‍රවීන ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ පුතණුවන් වූ ජනප්‍රිය ගායක සතිෂ් පෙරේරා අභාවප්‍රාප්ත වී ඊයේ දිනට වසර හයක් සපිරෙනවා.
මේ හේතුවෙන් ඔහුගේ නෑදෑ හිතමිතුරන් විසින් ඊයේ දිනයේ එම සිදුවීම සිහිපත්කරමින් මුහුණු පොතේ සටහන් තබා තිබුණා.
ගායක සතිෂ් පෙරේරා 2012 වසරේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට 45 වැනි වියේ පසු වුණා.
දින 42ක් තිස්සේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔහු දැඩි සත්කාර ඒකකයේදී අවසන් හුස්ම හෙළුවේ ඔහුගේ මිතුරන් සහ රසිකයන් සියල්ලන්ම කඳුලින් තෙත් කරමිනුයි.
වෘත්තීය ගායන ශිල්පියකු වූ සතිෂ් පෙරේරා එක් දරු පියකු වූවා. ඔහුගේ එකම පුතුගේ වයස එදිනට මාස 08 ක වූ අතර දිනේෂා පෙරේරා සතිෂ්ගේ ආදරණීය බිරිඳයි.
සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රකට ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරාගේ පුත්‍රයා වන සතිෂ් පෙරේරාට අනුරාධා සහ අනුපමා නමින් සොයුරියෝ දෙදෙනකු සිටිනවා.
ඔහුගේ අවසන්කටයුතු 2012 වසරේ අප්‍රේල් මස 25 වනදා සවස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරුණා.