දිනපතා ජලය නෑමෙන් මිනිසාගේ ශරීරයෙහි සම වියළී ගොස් පැලීම් සිදු වන බවත් ඒ හරහා විෂබීජ ශරීරට ඇතුළු වී ලෙඩ රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩිවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක වන වෛද්‍ය එලේන් ලාසන් ප්‍රකාශ කර සිටින්නීය.
බොහෝ දෙනා දිනපතා නෑමෙන් රෝග වැළඳීමේ අවදානම අඩුකරගත හැකි බව විශ්වාස කළද එසේ නෑම හරහා ශරීරයේ දුර්ගන්දය ඉවත් කිරීම පමණක් සිදුවන බව ඇය සඳහන් කර ඇත. මෙම මතයට සිය අදහස් එක් කරන ඇමරිකා එක්‌සත් ජනපදයේ ජෝඡ් වොෂිංටන් විශ්වවිද්‍යාලයේ චර්ම රෝග පිළිබඳ සහකාර මහාචාර්ය වෛද්‍ය සී.
බ්‍රෙන්ඩන් මිචෙල්ට අනුව නිරතුරුව සම සේදීමට ලක් කිරීමෙන් සමෙහි අඩංගු ස්‌වභාවික තෙල් ඉවත්කරන අතර එහිදී ප්‍රතිශක්‌තිකරණ පද්ධතියට හිතකර බැක්‌ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වයටද එය බලපෑම් එල්ල කරනු ලබයි.
"දිනපතා ජලය නෑම මේ නිසා අනවශ්‍යයි. සතියකට වරක් හෝ දෙවරක් නෑම බොහෝ විට ප්‍රමාණවත්' වෛද්‍ය මිචෙල් කියයි.
බොහෝ දෙනා නොදන්නා කරුණක් වනුයේ මිනිස් සිරුර ස්‌වභාවිකවම තෙල් වලින් පරිපූර්ණ යන්ත්‍රයක් බව යෑයිද බොහෝ දෙනා වැඩිපුර නෑමෙන් එම තත්ත්වය නැතිකර ගන්නා බව ඔහු සඳහන් කරයි.
බටහිර චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනුයේ නාන විටදී සිරුර පුරාම සබන් ගැලීමෙන් වැළකීම වැදගත් වන අතර කිහිල්ල හා පාද වැනි දුර්ගන්ධය හැමිය හැකි ස්‌ථානවල පමණක් සබන් ගැල්වීම සිදුකළ යුතු බවයි.
වියළි හිස කෙස් පවතින අයෙකු සති කිහිපයකට වරක් එය සේදීම ප්‍රමාණවත් බවත් ඉස්‌හොරි හා හිස කෙස් ආශ්‍රිත ගැටලු පවතින අයට සතියකට කිහිප වරක් ශැම්පු යොදා හිස කෙස් සේදීම කළ හැකි බව ද ප්‍රකාශ වී තිබේ.
අවශ්‍ය පමණට වඩා සම ජලයෙන් සේදීමෙන් ශරීරයේ ජීවත්වන ශරීරයට හිතකර බැක්‌ටීරියා වෛරසය හා අනිකුත් විෂබීජවලට හානි පැමිණෙන බව මෙයට පෙර අධ්‍යයනවලින් හෙළිවී තිබේ.
දිනපතා නෑම නුසුදුසු බව ප්‍රකාශ කර ඇති වෛද්‍ය ලාසන්ට අනුව දිනපතා නිරතුරුව දෑත් සබන් යොදා හොඳින් සේදීම මෙන්ම රෙදි සේදීම කෙරෙහි හැමට වඩා ජනතාව අවධානය යොමු කළ යුතු වෙයි.
මේ හරහා ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩු වන බවට ඇය පවසන්නීය.