වන අලි රංචුවෙන් අතරමංව සිටියදී හමු වූ අලි පැටවෙක් අද (22) පොලොන්නරුව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ගිරිතලේ වන ජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දී තිබෙනවා.
පොලොන්නරුව වැලිකන්ද වඩමුනේ ප්‍රදේශයේදී අලි පැටවා හමුවී ඇති අතර වැලිකන්ද බීට්ටු වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ දැනුම් දීම පරිදි අලි පැටවා රැගෙන ඒමට කටයුතු කළ බවයි පොලොන්නරුව වන ජීවී අඩවි ආරක්ෂක පි.එම් රත්නායක මහතා පවසන්නේ.