දරුවන් අතුරුදන් වීම් පිළිබඳව අපරටෙන් පසුගිය කාලවකවානුව පුරාම වාර්තා වුනා. ඔවුන් සොයාගැනීමට පොලිසිය මෙන්න දෙමාපියන්ද මහත් වෙහෙසක් දැරූ අතර ඔවුන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් දරුවන් නැවත තම තුරුලට පැමිණි අවස්ථා කීපයක්ම මින් පෙර අප වාර්තා කලා.
එවැනිම අතුරුදන් වූ දරුවෙකු වසරකට පසු සොයාගත් පුවතක් මේ වන විට වාර්තා වෙනවා.
2013 වසරේ දෙසැම්බර් මාසයේ අම්බලන්ගොඩ බස් නැවතුම්පොලේදී අතුරුදන් වූ බවට සැලකෙන වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකු දඹුල්ල නගරයේ යාචකයෙකු ළඟ සිටියදී පොලිසිය ඊයේ (21) සොයාගෙන තිබෙනවා.