Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
20
"ඇත්තටම මේ මිනිස්සු උතුම් මිනිස්සු, තවත් කෙනෙක් බේරගන්න තම ජීවිතය දුන් අය," - හොරණ ඛේදවාචකයේ නොඇසුණු කතාව - Video

- "ඇත්තටම මේ මිනිස්සු උතුම් මිනිස්සු, තවත් කෙනෙක් බේරගන්න තම ජීවිතය දුන් අය," - හොරණ ඛේදවාචකයේ නොඇසුණු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

44 Views
"බේරගන්න, බේරගන්න කියලා, කට්ටියක් කෑගැහුවා"

"කඹයක් දාලා ඒ අය ගොඩට ගන්න හදන කොටම මට සිහිය නැතිවුනා"

හොරණ - බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් පස් දෙනෙකු මියගියේ නිසි ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අපොහොසත් වීම නිසා බව කම්කරු දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ කර්මාන්ත ශාලා පරීක්ෂකයන් ඊයේ (19) අනතුර සිදු වූ ස්ථානය පරික්ෂා කර මෙම නිරීක්ෂණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා රසායනිකය අඩංගු වළකට වැටීමෙනුයි මෙම පස් දෙනා මරණයට පත්ව තිබුණේ.  මෙලෙස මියගොස් ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන් දෙදෙනෙක් සහ ගම්වාසීන් තිදෙනක්.

සපත්තු නිෂ්පාදන ආයතනයක් වන මෙම රබර් කර්මාන්තශාලාව සිංහල අවුරුදු නිවාඩුවෙන් පසු ඊයේ (19) නැවත වැඩ ආරම්භ කර ඇති අතර, එහිදී එක් සේවකයෙකු කම්හල් භුමියේ ඇති අපද්‍රව්‍ය ටැංකියක් පිරිසිදු කරමින් සිටියදී කිසියම් විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ටැංකිය තුළට ඇද වැටී තිබෙනවා.

එලෙස ටැංකිය තුළට වැටුන පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සදහා තවත් හතර දෙනෙකු ටැංකිය තුළට බැස තිබෙනවා.

ටැංකියට බැස සේවකයන් එකිනෙකා සිහිසුන්ව වැටෙද්දී සෙසු තවත් පිරිසක් මාර්ගයට පැමිණ උදව් ඉල්ලා කෑ ගසා තිබෙනවා.එකිනෙකා බේරා ගැනීමට යෑමෙදී ටැංකියෙන් පිටතට විෂ වායුව ආඝ්‍රාණය වීමෙන් මෙම පුද්ගලයන් පස් දෙනාම වල තුලට ඇද වැටී මිය ගොස් ඇ.ත්තේ.

"වහපු ටැංකියක වෑල් එකක් අරින්න ගිහින් තමයි මේක වෙලා තියෙන්නේ. මේ වගේ ටැංකියක් අරින්න විශේෂ ක්‍රමයක් තිබෙනවා," යැයි කම්කරු දෙපාර්තමේන්තුවේ විශේෂ කර්මාන්ත ශාලා පරීක්ෂක අශෝක මෙන්ඩිස් අනතුරවූ ස්ථානය පරික්ෂා කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරට පත් වී රෝහලේ ප්‍රතිකාර ලබන ගම්වැසියෙක්

"බේරගන්න, බේරගන්න කියලා, කට්ටියක් කෑගැහුවා. ගිහිල්ල බලනකොට දෙතුන් දෙනෙක් වලකට වැටිලා හිටියා. කඹයක් දාලා ඒ අය ගොඩට ගන්න හදන කොටම මට සිහිය නැතිවුනා. මට සිහිය ආවේ ඉස්පිරිතාලේ දී," හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන ගම්වැසියෙක් මාධ්‍ය වෙත සිද්ධිය විස්තර කරමින් පැවසුවේය.

"මොන විෂ වායුව වුනත්, මිනිහෙක් වලකට වැටිලා මැරෙනවා බලන් ඉන්න පුළුවන්ද, ඒකයි අපි උත්සාහ කළේ ඔවුන්ව බේරගන්න," තවත් ගම්වැසියෙක් පැවසීය.

"ඇත්තටම මේ මිනිස්සු උතුම් මිනිස්සු, තවත් කෙනෙක් බේරගන්න තම ජීවිතය දුන් අය," යැයි ගම්වැසියෙක් පැවසුවේය.

සිද්ධියෙන් අනතුරුව ගම්වාසීන් මෙම රබර් කර්මාන්ත ශාලාවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වූ අතර, මෙම කර්මාන්ත ශාලාව හේතුවෙන් අවට පරිසරය දැඩි ලෙස දූෂණය වී ඇති බවට ඔවුහු චෝදනා කරති.

"සාම්පල් ගන්න ඉස්සරහ ඇලට යන්න, ඒකෙ තමයි මේ ජරාව ඔක්කොම තියෙන්නේ," විරෝධතාවට සහභාගී වූ ගම්වැසියෙක් චෝදනා කළේය.
තත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද කර්මාන්තශාලා පරිශ්‍රයට යොදා තිබුණි.

නිසි ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමය නොකිරීමේ චෝදනාව මත කර්මාන්ත ශාලාවේ කළමනාකරු බ්‍රහස්පතින්දා පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර කර්මාන්ත ශාලාවේ හිමිකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම සිදුවීමේ දී විෂ වායුව ආඝ්‍රාණය වූ තවත් පුද්ගලයන් 12 දෙනෙකු අද උදෑසන වන විටත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එයින් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවෙමින් දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට යවා තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top