Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
22
වෛද්‍යවරිය මියගිය අනතුර වසන්කළ මුන්දලම පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

- වෛද්‍යවරිය මියගිය අනතුර වසන්කළ මුන්දලම පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
මුන්දලම බත්තුළුඔය 61 හංදිය ප්‍රදේශයේදී ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ රිය අනතුරින් වෛද්‍යවරියක හා ගිලන්රථ සහයකවරයකු මිය යාමේ සිද්ධියට අදාල ලිපි ලේඛන නිසි ආකාරයෙන් සකස් නොකර සිද්ධිය වසන් කිරීමේ පරිපාලන වරද සම්බන්ධයෙන් මුන්දලම පොලිස් ස්ථානයේ රථ වාහන ස්ථානාධිපතිවරයා ඇතුළුව තිදෙනකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පුත්තලම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සඳුන් ගහවත්ත මහතා කටයුතු කර තිබේ.

පසුගිය 18වැනිදා අලුයම මුන්දලම පොලිස් වසමට අයත් ආනවිලුන්දාව,රම්සා අභය භූමිය ආසන්නයේ 61 හංදියට නුදුරින් ගිලන් රියක් හා ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබුණි.  අදාල ගිලන් රිය කොත්තන්තිව් ග්‍රාමිය රෝහලට අයත් එකක් වූ අතර, එම ගිලන් රිය සමග එහි රියදුරු හා සහයකයා  17වැනිදා රාත්‍රියේ පුත්තලම මූලික රෝහලට කැඳවා තිබුණේ අසාධ්‍ය තත්ත්වයේ සිටී කුඩා දරුවකු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන යාමටය.


එම ගිලන්රිය සමග පුත්තලම මූලික රෝහලේ ළමා රෝගී ඒකකයේ සේවය කළ සීමාවාසික වෛද්‍යවරියක වූ ඉෂාණි එරංගා ජයවර්ධන (26) මෙනවිය සමග පුත්තලම රෝහලේ හෙදියක් සාත්තු සේවිකාවක් අදාල රාජකාරි සදහා යොදවා තිබුණි.
බරපතල තත්ත්වයේ සිටි කුඩා දරුවා ළමා රෝහලට ඇතුළත් කර ආපසු පුත්තලම මූලික රෝහල කරා එමින් සිටියදී කිලිනොච්චිය සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ වේදිකා සැරසිලි උපකරණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එකවරම ගිලන් රිය ගමන්ගත් ප්‍රතිවිරුද්ධ දිශාව වෙත මාර්ගය හරස්වන ආකාරයෙන් එකවරම නැවතී ඇති බව කියයි.
මෙහිදී ගිලන් රථ රියදුරාට ගිලන් රිය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අදාල ලොරි රථයේ ගැටී ඇති බව කියවේ. එහිදී අදාල ගිලන් රියේ ගමන්ගත් වෛද්‍යවරිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පස්දෙනකු බරපතල තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර රෝහලට ඇතුළත් කර තිබූ වෛද්‍යවරිය හා ගිලන් රථ සහයක වන ඒ.එම්.එම්.ඉර්ෂාඩ් මහතා මරණයට පත්ව තිබුණි.

අදාල රිය අනතුර සම්බන්ධව ලොරි රථයේ රියදුරා වන යූ.එම්.සුජිත් ජීවා මුන්දලම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිය සිදු වී පැය 08ට ආසන්න කාලයක් තුළදී බව කියයි. අදාල සැකකාර රියදුරා හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් නිශ්ශංක රූපසිංහ මහතා වෙත මුන්දලම පොලිස් ස්ථානයේ රථ වාහන අංශය මගින් ඉදිරිපත් කර තිබූ අතර අදාල සැකකාර රියදුරාට ලක්ෂ දෙක බැගින් වූ පුද්ගලික ඇප දෙකක් නියම කරමින් ඇප මත මුදා හැරීමට වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධව මුන්දලම පොලීසිය සිදු කළ පරීක්ෂණ කිසිදු ආකාරයෙන් සාධාරණ නැති බවත් පොලිසිය පක්ෂග්‍රාහී වෙමින් මෙම සිද්ධියේදී කටයුතු කර ගිලන් රථ රියදුරාට වරද පටවා ලොරි රථ රියදුරාව බේරා ගැනීමේ ක්‍රියාවලියක් සිදුකර ඇති බවත් පවසමින් පුත්තලම මූලික රෝහලේ සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩල (20)වැනිදා උදේ 8.00සිට (21) වන දින උදේ 8.00 දක්වා හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් සියලුම රෝහල් කටයුතුවලින් ඉවත් වී මෙම සිද්ධිය සම්බන්ධව අපක්ෂපාති පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබුණි.

ඒ සම්බන්ධව පොලීසිය නිසි ආකාරයෙන් කටයුතු නොකළහොත් රට පුරා සියලුම රෝහල් කටයුතුවලින් ඉවත්වීමට කටයතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය අනතුරු අඟවා තිබුණි. එයට පෙර පුත්තලම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අදාල අනතුර සම්බන්ධව මූලික පරික්ෂණයක් 20වැනිදා ආරම්භ කර තිබූ අතර එම පරික්ෂණය අනුව මුන්දලම පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනකු අදාල අනතුර සම්බන්ධව අදාල ලිපි ලේඛන නිසියාකාරයෙන් සකස් නොකිරීමේ චෝදනා මත මෙය පරිපාලන වරදක් බව අනාවරණය කර ගැනීමෙන් පසු ඉහත පොලිස් නිලධාරින් තිදෙනාගේ සේවය අත්හිටුවීමට නියෝග ලබා දී තිබුණි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top