තම නමින් පෙනී සිටිමින් විවිධ නොමනා ක්‍රියා සිදුකළ ගැහැණු කටහඬකින් කථාකරන පුද්ගලයෙක් නිසා ජනප්‍රිය ගායිකා නිරෝෂා විරාජිනී නීතියේ සහය පැතීමට තීරණය කර ඇත. නිරෝෂා විරාජිනී යැයි පවසමින් මෙම පුද්ගලයා මාධ්‍ය ආයතනවල තරුණ මාධ්‍යෙවේදීන්ටද දුරකථනයෙන් අමතා විවිධ නොමනා යෝජනාද ඉදිරිපත් කර ඇත.
කෙසේ නමුත් අදාල පුද්ගලයාගෙන් නිරෝෂා ලෙස පවසමින් දුරකථන ඇමතුම් ලැබුණු පසු නැවත නිරෝෂාගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතීමේදී මේ පිළිබඳව සත්‍ය තත්වය කිහිප දෙනෙකුට අනාවරණය කරගැනීමට හැකි වී ඇති අතර මේ පිළිබඳව නිරෝෂා විසින් පොලීසියට පැමිණිලි කොට ඇත.
යම් දේශපාලඥයින්ට හා අමාත්‍යංශ වලට නිරෝෂා විරාජනී ලෙස අත්සන් තබමින් හා දුරකථන පණිවුඩ ලබාදෙමින්ද මොහු විවිධ උදව් කරගැනීමට ගත් උත්සාහයන් මෙන්ම නිරෝෂාගේ නම යොදා ගනිමින් බොහෝ අකටයුතුකම් වල නිරත වීමටද මොහු පෙළඹී තිබෙනවා.
තවද අදාල පුද්ගලයා විසින් සජීවීව විකාශන වූ වැඩසටහනකදී නිරෝෂා නමින් පෙනී සිටිමින් කතාබහකොට ප්‍රේක්ෂකයින්ටද සුභපතා ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
කෙසේ නමුත් මේ වන විට පොලීසිය විසින් මේ හොර අනංගයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර මේ පිළිබඳ හිරු ගොසිප් අප නිරෝෂාගෙන් විමසා සිටියා. ඇය අප වෙත දැක්වූයේ මෙවන් අදහසක්...